ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සහ ප්‍රතිචක්‍රීයකරණය සම්බන්ධයෙන් විශේෂ වැඩසටහනක්
ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සහ ප්‍රතිචක්‍රීයකරණය සම්බන්ධයෙන් විශේෂ වැඩසටහනක් ඊයේ (11) දිනයේදී පැවැත්විය.
ඒ බත්තරමුල්ලේ දී පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සහ කර්මාන්ත සහ ව්‍යවාසයකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.
මෙම වැඩසටහන ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ සහ ප්‍රතිචක්‍රීයකරණ ආයතන, නිෂ්පාදකයින් හා සැපයුම් කරුවන්ගේ සහභාගීත්වයෙන් පැවතිණි.
ඒ වගේම යුරෝපා සංගමය මෙන්ම තවත් රාජ්‍ය නොවන ආයතන, දේශීය පරිසර හිතකාමී ආයතන රැසක දායකත්වය ද ඒ සදහා ලබා දී තිබේ.
තවද මෙම වැඩසටහනට එක්වෙමින් ප්ලාස්ටික් දූෂණය මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජය මේ වන විට විධිමත් සහ කඩිනම් පියවර බොහෝමයක් ගෙන ඇති බව මේ සම්බන්ධව අදහස් දැක්වූ පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා සදහන් කර තිබේ .
ඒ වගේම තනි භාවිත ප්ලාස්ටික් ඛාණ්ඩ කිහිපයක් මේ වන විට තහනම් කර ඇති බව සදහන් කළ එතුමා එය පිරිසිදු හරිත වැඩසටහනක් සඳහා රජයේ කැපවීම සංකේතවත් කරන බව සදහන් කර තිබේ.
තවද අමාත්‍යවරයා සදහන් කළේ නීති පමණක් ප්‍රමාණවත් නොවන බවත් රජයේ හරිත ප්‍රතිපත්ති සඳහා ජනතාවගේ සහාය හිමිවන විට ඒ තුලින් සැබෑ පරිවර්තනයක් සිදු වන බවයි.
මෙහිදී අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම යටතේ, ප්‍රතිචක්‍රීකරණ පහසුකම් ගොඩනඟමින් සිටින අතර ඝන සහ කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණය යන අංශ දෙක සඳහා කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය ලබා ගැනීමට ද නියමිත බවත් එතුමා සදහන් කර තිබේ.
ඒ වගේම බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් මෙන් ශ්‍රී ලංකාවද මෙම ගෝලීය තර්ජනයෙන් නිදහස් නොවන බවත් මෙම දූෂණය පරිසරයට පමණක් නොව ආර්ථිකයට , සෞඛ්‍යයට සහ අනාගත පරම්පරාවට ද බලපාන බව අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි .
ලෝකය තුල ප්ලාස්ටික් භාවිතය කළමනාකරණය සහ ප්‍රතිචක්‍රීයකරණය වැඩසටහන් මෙන්ම ඒවා කළමනාකරණය සම්බන්ධයෙන් විද්වත් අදහස් ඊයේ පැවති වැඩසටහනේදී හුවමාරු විය. පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා ප්ලාස්ට්ක් අපද්‍රව්‍ය කළමනාකරණය සහ ප්‍රතිචක්‍රීයකරණ ආයතන විසින් දියත උයන පරිශ්‍රයේදී ප්‍රදර්ශනය නැරඹීම සඳහාද එක් වී තිබුණි.