සුරේෂ් සලේගේ පෙත්සම් අභියාචනාධිකරණය සලකා බලයි

Report

අද (10) අභියාචනාධිකරණය හමුවේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් යළි සලකා බැලුණි.

එහිදී අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු ඉදිරිපත් කල අතර ඉන් අනතුරුව වැඩිදුර කරුණු සලකා බැලීම මේ මස 25වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

ලංකාවටම සුභ වෙන්නයි යන්නේ - ඉන්දියාව , චීනය හා ඕමාන් හි අවධානය මත්තල ගුවන් තොටුපළට

ලංකාවටම සුභ වෙන්නයි යන්නේ - ඉන්දියාව , චීනය හා ඕමාන් හි අවධානය මත්තල ගුවන් තොටුපළට