සුරේෂ් සලේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කළ මෙම පෙත්සම මගින් තමන්ව රඳවා තබා ගැනීම නීති විරෝධී බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඔහු ඉල්ලා ඇත.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, රොහාන් සිල්වා පියතුමා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව මීට පෙර සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට පියවර ගෙන තිබිණි.