පොලිස් නිලධාරීන් 1050 ට ආසන්න පිරිසක් ඉදිරිපත් කළ පෙත්සම් 40 ක් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි - හේතුව මෙන්න
පොලිස් සේවයේ විවිධ ශ්‍රේණි සඳහා සිදු කරනු ලැබූ උසස්වීම් අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 40 ක් ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නිෂ්ප්‍රභ කළ බව වාර්තා වේ.
මෙම පෙත්සම් උසස්වීම් නොලද නිලධාරීන් සහ නිලධාරිනියන් 1050 කට ආසන්න පිරිසක් විසින් ඉදිරිපත් කර තිබුණා.
ඒ අනුව ඉකුත් 2019, 2020, 2021 සහ 2023 යන වසර වල පූජිත් ජයසුන්දර, සී.ඩී. වික්‍රමරත්න, දේශබන්දු තෙන්නකෝන් යන හිටපු පොලිස්පතිවරුන්ගේ පාලන සමයන්හිදී සිදු කරන ලද උසස්වීම් මෙම පෙත්සම්වලින් අභියෝගයට ලක් කර ඇත.
ආයේ ලයිසන් ගද්දි මේ සෙල්ලන් දාන්න බෑ - රියදුරු බලපත්‍ර ලබාගැනීමට නම් මාස තුනක් මේ විදිහට ක්‍රියා කළ යුතු බව දන්වයි
එසේම පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයන් තනතුරු දක්වා, පොලිස් සැරයන් තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක තනතුර දක්වා සහ උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුරු දක්වා කර තිබූ උසස්වීම් අභියෝගයට ලක් කරමින් උසස් වීම් නොලද නිලධාරීන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත් අඳාළ පෙත්සම් නිශ්ප්‍රභ කරමින් විනිසුරු මඩුල්ල දන්වා සිටියේ උසස් වීම් පිරිනැමීමේදී අක්‍රමිකතා සිදුවූ බවට අධිකරණය සෑහීමකට පත් කළ හැකි තොරතුරු පෙත්සම්කරුවන් විසින් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී තිබෙන බවයි.