"අයියේ ඔයාගේ එක උපන් දිනයක දී මම.." - ජනපති වුණ එක දරාගන්න බැරි සතුටින් හඳුන්නෙත්ති කීව පුදුම හිතෙන දෙය මෙන්න..(PHOTO)

Report

නව ජනපති ලෙස පත් වූ අනුර කුමාර දිසානායක මහතා ඊයේ (23) දිනයේ සිය ධුරයේ දිවුරුම් දෙනු ලැබීය.

ඒ දේශපාලන ලොව මහා පෙරලියක් සිදුකරමින් ය.

කතානායකවරයා, නව ජනාධිපති අනුර කුමාරට එකවරම කීව දෙය..

කතානායකවරයා, නව ජනාධිපති අනුර කුමාරට එකවරම කීව දෙය..


ඒ අනුව අභිනව ජනපති වෙනුවෙන් සිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කර තිබුණා.

ඇමති කාංචන වහා අමාත්‍යාංශයෙන් පිටව ගිහින්.. ඉන්ධන ගැනත් කියලම.. රට පුරා ඉන්ධන වලට මොකක් වෙයි ද?.(PHOTOS)

ඇමති කාංචන වහා අමාත්‍යාංශයෙන් පිටව ගිහින්.. ඉන්ධන ගැනත් කියලම.. රට පුරා ඉන්ධන වලට මොකක් වෙයි ද?.(PHOTOS)


පහතින් දැක් වෙන්නේ එම සටහනයි...

උපුටා ගැනීම..

ජනාධිපති සහෝදරයාට !!

අයියේ ඔයාගෙ එක උපන් දිනයකදී මම ෆ් බී සටහනක් තියලා ඔයා ගැන මගේ හැගීම ලිව්වා ඔයාට මතක ඇති,

ඒ කෙදි මම ලිව්වා රටේ ජනතාව ඔයාගෙන් බලාපොරොත්තු වෙන දේ,

අද ඒ හැගීම 57 ලක්ෂයක් ඔප්පු කරලා ඔයා ලංකාවේ ජනාධිපති කරලා තියෙනවා !

ඒකෙ විවාදයක් නෑ.

ඒ පරාජයේදීත් හිටපු අපිමයි!

ආදරණීය ජනාධිපති සහෝදරයා !

අපි හැමදාම හිටියා වගේම ඔයා එක්ක ඉන්නවා,

නමුත් ජයග්‍රහණය එක්ක අලුත් ගොඩාක් අය එනවා,

එන්න ඕනැමයි!

අපි ජනතාව එක්ක සම්මුතිය ක්රියාත්මක කරමු!

"පොහොසත් රටක් ලස්සන ජීවිතයක් "

ඔයා ලංකාවේ අන්තිම විධායක ජනාධිපති විතරක් නෙමෙයි,

ආදරණීය ජනාධිපති සහෝදරයා !

ඉතින් අපි අලුත් අභියෝගයට මුණ දෙමු !!

උපුටා ගැනීම අවසන්..



Gallery