ඇමති කාංචන වහා අමාත්‍යාංශයෙන් පිටව ගිහින්.. ඉන්ධන ගැනත් කියලම.. රට පුරා ඉන්ධන වලට මොකක් වෙයි ද?.(PHOTOS)
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය අමාත්‍යාංශයෙන් ඉවත් ගොස් තිබෙනවා.
ඒ සිය ඉවත්වීම නිල X ගිණුමෙහි සටහනක් තබමින් ය.
ඒ අනුව ඒ මහතා කියා සිටියේ රජයෙන් ලබා දුන් සියලුම වාහන සහ අමාත්‍යාංශය විෂය පථයට අයත් සියල්ලම භාර දී අවසන් බවයි.
එමෙන්ම, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයෙන් ඉවත්ව යන විට දී වඩා ශක්තිමත් මූල්‍ය තත්ත්වයන් සහ විදුලිබල උත්පාදනය සහ ඉන්ධන සැපයීම සඳහා ප්‍රමාණවත් ඛනිජ තෙල් නිෂ්පාදන සහ ගල් අඟුරු තොග සහිතව එය භාර දී ඇති බව කංචන විජේසේකර මහතා සඳහන් කර තිබෙනවා.
තව ද, රටේ සියලුම ආයතන මේ වනවිට යම් කිසි අයුරකින් ධනාත්මක ශේෂ පත්‍රවල පවතින බවත්, එහි සේවාවන් සඳහා පිරිවැය අයකර ගැනීම, සැපයුම්කරුවන් සඳහා නියමිත වේලාවට ගෙවීම් කිරීම, හිඟ ණය සඳහා සේවා සැපයීම සහ එය උපයන අමතර ආදායමෙන් භාණ්ඩාගාරයට සැපයීම සහ සහාය වීම යනාදී කටයුතු සිදු කර ඇති බව ඒ මහතා පැවසීය.
එමෙන්ම, අවසන් වශයෙන් හිටපු අමාත්‍යවරයා පවසා ඇත්තේ රට අසීරු මොහොතක තිබිය දී තමන් ගැන විශ්වාසය තබා එම තනතුර ලබා දුන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට විශේෂ ස්තුතිය පිරිනමන බවයි.
තම අමාත්‍යාංශයේ සහ ආයතනවල නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය, රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල, සංවර්ධන ආයතන, විවිධ රාජ්‍ය සහ පෞද්ගලික පාර්ශ්වකරුවන් සහ පසුගිය වසර දෙක තුළ සහාය වූ සැමට හිටපු අමාත්‍යවරයා ස්තුතිය පල කර ඇත.
කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සිය නිල X ගිණුමෙහි සඳහන් කළේ මෙවැන්නකී,
”2022 දී පැය 4-13 ක විදුලි කප්පාදුවක්, ඉන්ධන තත්ත්වයක්, ගල් අඟුරු නොමැති වීම්, ඛනිජ තෙල් නිෂ්පාදන, සැපයුම්කරුවන්, මුදල් හිඟවීම් මධ්‍යයේ පැවති රටට අවශ්‍ය විදුලි උත්පාදනය, ගල් අඟුරු සැපයීම්, ඛනිජ තෙල් නිෂ්පාදන ආදිය ප්‍රමාණවත් පරිදි සැපයීමට ඇති පසුබිමක් ශේෂ කරමින් සහ ඉන්ධන සහ බලශක්ති උත්පාදනය අඛණ්ඩව සැපයීම ස්ථාවර කරමින් මම මින් පිටත් වෙමි..” යනුවෙන් ය.
එම නිවේදනය පහතින්,
-
NPP 5634915
Anura Kumara Dissanayake
42.31% -
SJB 4363035
Sajith Premadasa
32.76% -
IND16 2299767
Ranil Wickremesinghe
17.27% -
SLPP 342781
Namal Rajapaksa
2.57%