උණුසුම මැද ඉන්ධන මිල ගැන තවත් තීරණයකට සැරසේ - විශේෂ සාකච්ඡාවක්

Report

මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ උද්ගතව ඇති ආර්ථික අභියෝග සහ ඊට මුහුණදීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති බව වාර්තා වේ.

ඒ අනුව ‍අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැති බවට ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇත.

මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ බලශක්ති සැපයුම් ජාල බිඳ වැටීම නිසා ලෝකයේ සියලු රටවලට මුහුණ දීමට සිදුව ඇති බලශක්ති අර්බුදය සහ ඒ හමුවේ ඉදිරි මාස කිහිපය තුළ ලෝක ඉන්ධන වෙළෙඳපොළ තුළ ඇති විය හැකි ප්‍රවණතා පිළිබඳව මෙහිදී පුළුල් ලෙස අවධානය යොමු වී ඇත.

QR එකෙන් තෙල් ගහපු නැති අයට සුබ ආරංචියක් - හෙට මේ අයට ඔත්තේ වුණත් ඉරට්ටේ වුණත් කරන්නේ මේකයි

QR එකෙන් තෙල් ගහපු නැති අයට සුබ ආරංචියක් - හෙට මේ අයට ඔත්තේ වුණත් ඉරට්ටේ වුණත් කරන්නේ මේකයි

ඒ අනුව උද්ගතව ඇති අර්බුදය හමුවේ මෙරට ආර්ථිකයට අවම බලපෑමක් වන පරිදි සහ 2025 වසරේදී ලබා ගත් ආර්ථික ජයග්‍රහණ තිරසාරව ඉදිරියට ගෙන යා හැකි අන්දමින් බලශක්ති සැපයුම අඛණ්ඩව පවත්වා ගෙන යාම සහ ආර්ථික හැකිළීම අවම වන ආකාරයට මිල කළමනාකරණයට ගත හැකි පියවර සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා.

එමෙන්ම ඒ වෙනුවෙන් සහනාධාර ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමේ හැකියාව සොයා බලන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

ලෝකෙටම අසුබ පුවතක් - සුළු මොහොතකට පෙර බොරතෙල් මිල තවත් වැඩි වෙයි

ලෝකෙටම අසුබ පුවතක් - සුළු මොහොතකට පෙර බොරතෙල් මිල තවත් වැඩි වෙයි

එසේම මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, මහබැංකු අධිපති පී. නන්දාල් වීරසිංහ, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූ බව සඳහන්.

අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න

අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න

EPF අංශයේ සේවා ගැන අලුත්ම නිවේදනයක්

EPF අංශයේ සේවා ගැන අලුත්ම නිවේදනයක්