විනාඩි 3කින් රජය කරන්න යන දේ - අද ඉඳන් නම් වාහන පදිද්දි මේවා කරන්න හිතන්නවත් එපා
ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ඇල්කොහොල් පමණක් නොව ඕනෑම මත්ද්‍රව්‍යයක් භාවිතා කර මෝටර් රථවාහන පදවන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව සඳහන් කළා.
එසේම මෙතෙක් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට නොහැකිව තිබූ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කර රථවාහන භාවිතා කරන රියදුරන්ට එරෙහිව අද (08) දිනයේ පටන් නීතිය ක්‍රියාමක කරන බවද ඔහු අවධාරණය කළා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද දින පාර්ලිමේන්තුවේදීයි.
එමෙන්ම මෙහිදී රසායනාගාරයේ සිදුකෙරෙන පරීක්ෂණයකින් විනාඩි තුනකින් මත්ද්‍රව්‍ය 12ක් සම්බන්ධයෙන් පරීක්ෂා කර ගැනීමට හැකියාව පවතින බවද බිමල් රත්නායක මහතා කියා සිටියා. ඊට අමතරව එම ප්‍රතිඵලය රියදුරුවරයාට මුද්‍රණය කර ලබා දිය හැකි බවත් අමාත්‍යවරයා පැවසුවා.
" දෙවෙනි එක තමයි දැන් මත්ද්‍රව්‍ය පරීක්‍ෂණ කියන එක ටිකක් දුර්ලබයි ටිකක් සංකීර්ණයි නමුත් අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට ස්තූතිවන්ත වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට විවිධ අවස්ථාවලදී අවුරුදු ගාණක් තිස්සේ විවිධ ආයතනවලින් ලබාදීලා තියෙනවා මොබයිල් ඇප්. ඉතාම නවීන විදිහට හදපු බස් රථ තියෙනවා ඒ වගේ සියලු පරීක්‍ෂණ කරන්න පුළුවන්. විශේෂත්වය තියෙන්නේ ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල විනාඩි තුන හතරකින් දෙන්න පුළුවන්. ඉතින් දුප්පත් ගම් වලට ගිහිල්ලා ඒවගේ පරීක්ෂණ කරන්න තමයි තියෙන්නේ නමුත් බස් රථ ගණනාවක් එතරම් පාවිච්චියකින් තොරව පැත්තකට දමලා තියෙනවා කියලා අපි දැනගත්තට පස්සේ අපි ඒක බස් රථයක් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට ලබා ගත්තා.ඒ ලබා ගෙන අපි ආරම්භ කර තිබෙනවා බස් නැවතුමක් ලඟට ගිහින් වෛද්‍ය ප්‍රවාහන ආයතනය සහ පොලිසිය එකතුවෙලා රියදුරු මහත්වරුන්ගේ රුධිර සාම්පල අරන් පරීක්ෂා කරන වැඩසටහනක්. එම රසායනාගාරයේ කෙරෙන පරීක්ෂණයෙන් විනාඩි දෙකකින් තුනකින් වගේ මත්ද්‍රව්‍ය 12ක් සම්බන්ධව පරීක්ෂණ කරගන්න පුලුවන්. ප්‍රතිඵල මුද්‍රණය කරලා රියදුරු මහත්මයාට දෙන්නත් හැකියි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අනිත් සෑම පළාතකටම මේ වගේ බස් වගේ බස් අරගෙන සහ මේ බස් එක යොදාගෙන කරන්න"