ස්ටෝක්ස්ගේ නිවසට හොරු පැනලා..හොරකම් කරලා තියන දේ බලන්නකෝ..
එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් නායක බෙන් ස්ටෝක්ස්ගේ නිවසට පසුගිය දිනකදී අනවසරයෙන් ඇතුල් වූ පිරිසක් විසින් නිවසේ තිබූ රන් ආභරණ සහ සුවිශේෂී සිහිවටන කිහිපයක් සොරා ගෙන ගොස් ඇත.
මෙම සිදුවීම සිදුව ඇත්තේ එංගලන්ත කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය අතරතුරදීය.
මේ පිළිබඳව ස්ටෝක්ස් පෙරේදා (30 වැනිදා) රාත්‍රී සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ක්‍රීඩා ලෝලීන් දැනුවත් කර තිබූ අතර සොරකම් කර භාණ්ඩවල ඡායාරූප පළ කළ ඔහු වගකිව යුතු පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා එරට ජනතාවගෙන් සහය ඉල්ලා සිටියේය.
ස්ටෝක්ස් විසින් ක්‍රිකට් ක්‍රීඩාවට සිදු කළ සේවය අගයමින් 2020 වසරේදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විසින් පිරිනැමූ 'OBE' සම්මානයද මෙම අතුරුදන් භාණ්ඩ අතරට ඇතුළත් වීම විශේෂත්වයකි. එය බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ලබා දෙන ගෞරව සම්මාන අතරේ දෙවන ඉහළම සම්මානය වේ.
වාර්තා වන පරිදි මෙම සොරකම ඔක්තෝබර් 17 වැනිදා සිදුව ඇති අතර ඒ වන විට ස්ටෝක්ස් එංගලන්ත කණ්ඩායම සමගින් පාකිස්තානයේ දෙවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කරමින් පසු විය.
එමෙන්ම සොරකම සිදු වන විට නිවසෙහි ස්ටෝක්ස්ගේ බිරිඳ සහ දරුවන් දෙදෙනාද සිට ඇති නමුත් ඔවුනට කිසිදු ශාරීරික හානියක් සිදුව නොමැති බව ස්ටෝක්ස් තහවුරු කළේය.