ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීම සම්බන්දව නොසිතූ අනාවරණයක්..

By Piyumika Nov 01, 2024 01:47 AM GMT
Report

විදේශගත සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ අයෙකුගේ මෙහෙයවීම මත පසුගිය මස 16 වනදා ග්‍රෑපාස් පොලිස් වසමේ මාදම්පිටිය කනත්ත ඉදිරිපිට දී ත්‍රිරෝද රථයක සිටි අයෙකුට වෙඩි තැබීමට සම්බන්ධ අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

අවදානමට පෙර සුදානම වැදගත් .. ඔබේ බිලිදාටත් නොවරදවාම ලබා ගන්න ..

අවදානමට පෙර සුදානම වැදගත් .. ඔබේ බිලිදාටත් නොවරදවාම ලබා ගන්න ..

පොලිසිය පැවසුවේ ඔක්තෝම්බර් මස 16 වන දින ග්‍රෑන්ඩ්ට්ස්, මාදම්පිටිය කනත්ත ඉදිරිපිට දී ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයෙකුට කාර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්ට්ස් පොලිසිය හා කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශන ආරම්භ කර තිබු බවයි.

ඒ අනුව මෙම වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි කාර් රථයේ රියදුරුව සිටි ග්‍රැන්ඩ්පාස් පොලිස් ස්ථානය මඟින් පසුගිය 28 වන දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සෙවනගල කිව්වම මතක්වුනු දේ නෙවේ මේ වෙන දෙයක්.. රු මිලියන 1,000ක් වටිනවාලු..

සෙවනගල කිව්වම මතක්වුනු දේ නෙවේ මේ වෙන දෙයක්.. රු මිලියන 1,000ක් වටිනවාලු..

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35 ක්වූ බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙක්.

මෙම අපරාධය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැඩිදුරටත් විමර්ශනය සිදුකරන අතර වෙඩි තැබීම සිදු කරන ලද බවට සැක කරන පුද්ගලයා ඊයේ (31)දින සවස් කාලයේ වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී මෙම සැකකරු විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවට තොරතුරු ලැබී ඇති බව විමර්ශනවලදී හෙළිව තිබෙනවා.

අනේ දෙවියනේ ..! ඇය කොතරම් වේදනාවක් විදින්න ඇත්ද..

අනේ දෙවියනේ ..! ඇය කොතරම් වේදනාවක් විදින්න ඇත්ද..

එමෙන්ම එම පුද්ගලයාගේ මෙහෙයවීම මත මෙම අපරාධය සිදුකර ඇති බවටත් දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලිසිය කියා සිටියා.

ග්‍රෑන්ඩ්පාස් පොලිසිය හා  කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.