රාජ්‍ය වෙසක් උත්සවය අද ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ
ශ්‍රී සම්බුදු තෙමඟුල සිහිපත් කරමින් පැවැත්වෙන මෙවර වෙසක් උත්සවයට සමගාමීව අද (27) සිට ජූනි 02 දක්වා වෙසක් සතියක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ මඟ පෙන්වීම අනුව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල සහය ඇතිව වෙසක් උත්සවය දිවයින පුරා පැවැත්වීමට පියවර ගෙන ඇති බව සඳහන්ය.
ඒ අනුව මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතර තිහගොඩ මිදෙල්ලවල විහාරස්ථානයේදී අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
මේ අතර, රට පුරා වෙසක් උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ පිළිබඳව ආචාර්ය හිනිඳුම සුනිල් සෙනවි මහතා විශේෂ කරුණු රැසක් පැහැදිලි කළේය.
ඔහු සඳහන් කළේ, පසුගිය වසරවල ඇතැම් වෙසක් සැමරුම්වල හොල්මන් මන්දිර සහ ඔළුබක්කන් නැටවීම වැනි බෞද්ධ සංස්කෘතියට නොගැළපෙන අංග එක්වී තිබූ බවයි. එවැනි ක්‍රියාකාරකම්වලින් වැළකී සිටින ලෙස සංවිධායකයින්ට උපදෙස් ලබාදී ඇති බව ද ඔහු පැවසීය.