වෙඩිතැබීමට නියෝග කළ SSP අත්අඩංගුවට..!

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී කීර්තිරත්න මහතාව අත්අඩංගුවට ගෙන තිබේ.  

අද (28) පස්වරුවේ කොළඹදී ඒ මහතාව අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

රඹුක්කනදී පසුගියදා ඇතිවූ වෙඩිතැබීමේ සිද්ධියට අදාළ කණ්ඩායමේ අණ දෙන්නා ලෙස ඔහු කටයුතු කළ බව අධිකරණයේදී අනාවරණය වී තිබුණි. 

ඔහු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග අධිකරණ නියෝග අනුව ගැනීමට නියමිත බවද පොලීසිය පවසයි. ලබාදී ඇති අධිකරණ ක්‍රියාමාර්ග අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිත බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now