තියුණු සටනකින් බංග්ලාදේශය පරදා තුන්කොන් කිරුළ ශ්‍රී ලංකාවට ගෙනා යොවුන් ක්‍රීඩිකාවෝ

Report

බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කරමින් පාකිස්තානයේ පැවැති වයස අවුරුදු 19න් පහළ තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (16) සමත් විය.

පාකිස්තානයේ ෆයිසලාබාද්හිදී පැවැති අවසන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 158ක් රැස් කළේය.

එම ඉලක්කය හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 154ක් පමණි.

ඒ අනුව ලකුණු 4ක තියුණු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම තුන්කොන් විස්සයි20 තරගාවලියේ ශූරතාව තමන් සතු කරගත්තේය.

පැතුම්ට ආබාධයක් - විස්සයි20 අහිමි වේ

පැතුම්ට ආබාධයක් - විස්සයි20 අහිමි වේ

වෛභව් සූර්යවංශිට අවස්ථාව නොදීම ගැන ඉන්දීය කළමනාකාරිත්වයට විවේචන

වෛභව් සූර්යවංශිට අවස්ථාව නොදීම ගැන ඉන්දීය කළමනාකාරිත්වයට විවේචන