ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක් - මේ තරගයටත් දින නියම වෙයි
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම් අතර විස්සයි විස්ස සහ එක්දින ක්‍රිකට් තරගාවලියක් එළබෙන මාර්තු මස එක්සත් එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත බව සඳහන්.
ඒ අනුව තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය මාර්තු 13 වැනි දින සාර්ජාහිදී ආරම්භවීමට නියමිතයි.
එසේම දෙවන සහ තෙවන තරග 15 සහ 17 යන දිනයන්හි සර්ජාහිදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත.
මෙම තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ලබන මාර්තු මස 20 වන දා ඩුබාහිදී ආරම්භ වීමට කටයුතු සූදානම් කර ඇත.
ඊට අමතරව දෙවන සහ තෙවන තරග එම මස 22 සහ 25 යන දිනවල ඩුබායිහිදී පැවැත්වෙන බව සඳහන්.
එමෙන්ම මෙම ක්‍රිකට් තරගාවලිය සංවිධාන කරනු ලබන්නේ, ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය මඟිනි.