තවත් රතු එළියක් - කොටස් ඇඳ වැටෙ‍යි - ඉදිරි දින කිහිපයේ මේ පොලී අනුපාතයන් ඉහළ යන ලකුණු

Report

ඇමරිකානු ඩොලරයේ අගය කැපී පෙනෙන ආකාරයට ඉහළ යාම ඇතුළු සාර්ව ආර්ථික සාධක කිහිපයක් නිසා ඉදිරි දින කිහිපය ඇතුළත දේශීය මූල්‍ය වෙළඳපොළේ පොලී අනුපාතයන් ඉහළ නැංවීමට රජය සහ මහ බැංකුව පියවර ගනු ඇති බවට මූල්‍ය වෙළඳපොළ නිරීක්ෂකයන් පුරෝකථනය කර‍යි.

ඒ අනුව වෙළඳපොළේ පවතින උද්ධමන පීඩනය පාලනය කිරීම සහ රුපියලේ අගය ස්ථාවර කර ගැනීමට මෙසේ දැඩි මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇති බව අපේක්ෂා කරයි.

එසේම මූල්‍ය විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ පොලී අනුපාත ඉහළ දැමීම ඔස්සේ වාණිජ බැංකු පද්ධතිය වෙත නැවතත් ස්ථාවර තැන්පතු ආකර්ෂණය කර ගැනීම රජයේ මූලික අරමුණක් විය හැකි බවයි.

මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක්...ඉතිහාසයේ තුන්වෙනි වතාවට වේගයෙන් පැතිරෙන මාරාන්තික වෛරසය නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයත් කැළඹෙයි

මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක්...ඉතිහාසයේ තුන්වෙනි වතාවට වේගයෙන් පැතිරෙන මාරාන්තික වෛරසය නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයත් කැළඹෙයි

තවද වෙළඳපොළේ සංසරණය වන ද්‍රවශීලතාව සීමා කිරීමෙන් පරිභෝජන ඉල්ලුම පාලනය කිරීමට මෙයින් ඉඩ ප්‍රස්ථාව ලැබෙන බව අපේක්ෂාවයි. කෙසේ වුවද මෙම තත්ත්වය කොළඹ කොටස් වෙළඳපොළේ ඉදිරි ගමනට අහිතකර බලපෑමක් එල්ල කරනු ඇති බවට ආර්ථික විද්‍යාඥයෝ අනතුරු අඟවන බව සඳහන්.

පොලී අනුපාත ඉහළ යන විට, අවදානමකින් තොර ස්ථාවර තැන්පතු සහ රාජ්‍ය සුරකුම්පත් කෙරෙහි ආයෝජකයන් වැඩි නැඹුරුවක් දැක්වීම සාමාන්‍ය තාක්ෂණික ප්‍රවණතාවක් වේ.

එබැවින් මේ වන විට කොටස් වෙළඳපොළේ ඉහළ අවදානමක් සහිත සාමාන්‍ය කොටස්වල ආයෝජනය කර ඇති දේශීය මූල්‍ය ආයතන සහ සිල්ලර ආයෝජකයන් වහා තම අරමුදල් ඉවත් කරගෙන, වඩාත් සුරක්ෂිත බැංකු පද්ධතියේ නැවත ආයෝජනය කිරීමට පෙළඹෙනු ඇති බව සඳහන්.

මෙහෙම ගියොත් රත්තරන් ගන්න මිනිස්සු පොරකයි..දවසින් දවස පාතට වැටෙන අද රන් මිල මෙන්න

මෙහෙම ගියොත් රත්තරන් ගන්න මිනිස්සු පොරකයි..දවසින් දවස පාතට වැටෙන අද රන් මිල මෙන්න

එමෙන්ම කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශක අද (20) දිනය පුරාම කැපී පෙනෙන පහත වැටීමක් පෙන්නුම් කර තිබූ අතර දිනයේ ගනුදෙනු නිමාවන විට සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 441.87 කින් පහත වැටී ඇත. 

ඒ අනුව එම සමස්ත කොටස් මිල දර්ශකය ඊයේ දිනයට සාපේක්ෂව සියයට 1.98 ක ප්‍රබල පහත වැටීමක් පෙන්වමින් ඒකක 21,856.20 ක් වශයෙන් සටහන් ව තිබූ බව වාර්තා වේ.

S&P ශ්‍රී ලංකා 20 දර්ශකය (S&P SL20) මෙරට ප්‍රමුඛතම සමාගම් 20 නියෝජනය කරන මෙම දර්ශකය ද සියයට 1.57 කින් (ඒකක 96.38 කින්) පහළ බැස ඒකක 6,052.39 ක් දක්වා පහත වැටී ඇති අතර මිල දර්ශක පහත වැටුණ ද අද දිනයේ වෙළඳපොළ තුළ ඉහළ ගනුදෙනු ප්‍රමාණයක් සිදු වූ බවත්, දෛනික සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.8 ක් (රුපියල් 3,803,300,864.60) ලෙසත් සටහන්ව ඇත.

එසේම දිනය තුළ කොටස් මිලියන 175.6 කට අධික ප්‍රමාණයක් හුවමාරු වී තිබෙන අතර, සිදුකර ඇති සමස්ත ගනුදෙනු සංඛ්‍යාව 41,001 ක් බව සඳහන්.

මුළු ලංකාවටම අසුබ ආරංචියක් - මහ බැංකුවෙන් දැනුම්දීමක්

මුළු ලංකාවටම අසුබ ආරංචියක් - මහ බැංකුවෙන් දැනුම්දීමක්

Gallery