"Say No" - අනාගතය වනසන විෂ මත්ද්‍රව්‍යවලට එරෙහිව හෙට මුළු ලංකාවම එකම බලවේගයක් වෙයි

Report

ජාතික තරුණ දිනය හෙට (23) දිනට යෙදී ඇති අතර, ඒ නිමිත්තෙන් ජාතික තරුණ සේවා සභාව සහ Youth Club ජාතික සම්මේලනය එක්ව දිවයින පුරා පාගමන් සහ රැළි 25ක් සංවිධානය කර තිබේ.

“Say No – අනාගතය අහිමි කරන විෂමත්ද්‍රව්‍ය එපා” යන තේමාව යටතේ දිස්ත්‍රික්ක සියල්ල ආවරණය වන පරිදි මෙම වැඩසටහන් පැවැත්වීමට නියමිතය.

මෙහි ජාතික වැඩසටහන මහරගමදී පැවැත්වෙන අතර, ජාතික තරුණ සේවා සභාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා ඇතුළු Youth Club කොළඹ දිස්ත්‍රික් සහ ජාතික සම්මේලන නායකයින් ඊට සහභාගි වීමට නියමිත බව සඳහන් වේ.

එමෙන්ම සෙසු දිස්ත්‍රික්කවල පැවැත්වෙන පාගමන් සඳහා ද අදාළ ප්‍රදේශවල තරුණ නායකයින් සහ විශාල තරුණ තරුණියන් පිරිසක් එක්වීමට නියමිතය.

බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්න වරෙන්තු

බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්න වරෙන්තු

දෙමාපියන්ට හදිසි දැනුම්දීමක් - දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ පාසල් 06ක් වැසේ

දෙමාපියන්ට හදිසි දැනුම්දීමක් - දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ පාසල් 06ක් වැසේ