මීට පස්සේ මේවා බෑ - ප්ලාස්ටික් නිෂ්පාදන සම්බන්ධයෙන් දැඩි තීරණයක්
ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් නිෂ්පාදනය සහ බෙදාහැරීම සම්බන්ධයෙන් පනවන දඩ මුදල් ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සඳහන් කළේ, සංශෝධිත පරිසර පනත් කෙටුම්පතින් ඊට අදාළ රෙගුලාසි පනවා ඇති බවයි.
එසේම මේ වනවිටත් ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් සම්බන්ධයෙන් පනවන දඩ මුදල රුපියල් දස දහසක් බව, නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කර තිබෙනවා.