මෙන්න 1 සහ 6 ශ්‍රේණියේ සදහා මොඩියුලර් හරි - පාසල් ගුරු පුහුණු වැඩසටහනත් අරඹයි

Report

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා පවසන්නේ මොඩියුලර් සඳහා 2026 වර්ෂයේ 1 සහ 6 ශ්‍රේණියේ පාසල් ගුරු පුහුණු වැඩසටහන් නොවැම්බර් මස අග දී අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි. 

පාර්ලිමේන්තුවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල වර්තමාන ප්‍රගතිය පිළිබඳ ව සිදුකරන ලද සාකච්ඡාවේදී නාලක කලුවැව මහතා මෙලෙස පැවසුවේය.

එමෙන්ම මේ වන විට පුහුණුකරුවන් පුහුණු කිරිමේ TOT (Trainer of Trainer) වැඩසටහන 80%ක් පමණ අවසන් කර ඇති බවත් ඉතිරි පිරිස් මේ වන විට මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ පුහුණුව ලබමින් සිටින බවත් ඔහු පැවසුවේය.

ආයි පල්ලම් බහින රන් මිල - අද මිල ගණන් මෙන්න

ආයි පල්ලම් බහින රන් මිල - අද මිල ගණන් මෙන්න

වැඩිදුරටත් ලේකම්වරයා සදහන් කලේ සියලු පළාත් ආවරණය වන පරිදි ගුරුවරුන් පුහුණු කිරීම සඳහා මෙම පුහුණු කණ්ඩායම් න්‍යායාත්මකව සහ ප්‍රායෝගිකව බිහි කිරීම මෙම වැඩසටහන මගින් කරන බවයි.

පළමු ශ්‍රේණියේ සහ 06 ශ්‍රේණියේ සිසුන්ට අවශ්‍ය මොඩියුලර් මුද්‍රණය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත් පුහුණුව ලැබූ පුහුණුකරුවන් විසින් කලාප මට්ටමින් සහ කොට්ඨාස මට්ටමින් ගුරුවරුන් පුහුණු කිරීමේ කටයුතු ‍ඉදිරියේ දී නොවැම්බර් මස වන විට අවසන් කිරීමට නියමිත බවත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා පවසයි.  

හිටපු ඇමති ගම්මන්පිලව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

හිටපු ඇමති ගම්මන්පිලව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

මේක සාර්ථක වුනොත්නම් අපේ දරුවෝ ටික ගොඩ - මෙන්න අධ්‍යාපනයේ විශාල පෙරළියක්

මේක සාර්ථක වුනොත්නම් අපේ දරුවෝ ටික ගොඩ - මෙන්න අධ්‍යාපනයේ විශාල පෙරළියක්