ඕමානයට ශ්‍රී ලංකාවෙන් ලකුණු 226ක ඉලක්කයක්
2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරගයෙන් ජයගැනීම සඳහා ඕමාන කණ්ඩායමටශ්රී ලංකා කණ්ඩායමින් ලකුණු 226ක ඉලක්කයක් හිමිව තිබේ.
ඒ අනුව තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 225ක් ලෙස වාර්තා වේ.
එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 61ක්, පවන් රත්නායක ලකුණු 60ක් සහ දසුන් ශානක ලකුණු 50ක් රැස්කරගැනීමට සමත් වූ බව වාර්තා වේ.