විස්සයි විස්ස ලෝක කුසලානය ගැන සුබවාදී බලාපොරොත්තුවක්, ලංකාව අපරාජිතව ඉදිරියට

Report

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕමානයට එරෙහිව අද (12) පැවති තරගයෙන් ලකුණු 105ක අති විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මෙම ජයත් සමග මේ දක්වා ක්‍රීඩාකළ තරග දෙකම ජයගත් ශ්‍රී ලංකාවට 'B'කාණ්ඩයේ පෙරමුණ අත්පත් කරගැනීමට හැකියාව ලැබුණි.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මෙම තරගය පැවැත්විණි.

මෙම තරගයේ ශ්‍රී ලංකාවෙන් හිමිවූ ලකුණු 226ක අසීරු ඉලක්කයට පිළිතුරු ලෙස ඕමානයට පන්දුවාර 20 තුලදී කඩුලු 9ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 120කි.

ඕමාන ඉනිමේ එකම ගැලවුම්කරුවා වූ මොහොමඩ් නදීම් නොදැවී ලකුණු 53ක් රැස්කළ අතර, වසීම් අලි ලකුණු 27ක් රැස්කළේය.

දසුන්ම තියලා දසුන්ම කඩපු සුපිරි වාර්තාවක්

දසුන්ම තියලා දසුන්ම කඩපු සුපිරි වාර්තාවක්

ඒ හැරෙන්න වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 9න් ඉහළට ඉනිමක් ගොඩනැගීමට නොහැකි විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දුෂ්මන්ත චමීර (2/19), මහීෂ් තීක්ෂණ (2/11) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූහ.

ශ්‍රී ලංකාව හා ඕමානය ජාත්‍යන්තර විස්සයි20 තරග බිමේ හමුවූ පළමු අවස්ථාව මෙය වේ.  

ඕමානයට ශ්‍රී ලංකාවෙන් ලකුණු 226ක ඉලක්කයක්

ඕමානයට ශ්‍රී ලංකාවෙන් ලකුණු 226ක ඉලක්කයක්

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර