දසුන්ම තියලා දසුන්ම කඩපු සුපිරි වාර්තාවක්
ජාත්‍යන්තර T20 තරගයකදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු රැස් කළ වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව තැබීමට දසුන් ශානක සමත් ව තිබෙනවා.
ඒ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ඕමානයට එරෙහිව පැවැති තරගයේදී පන්දු 19කදී අර්ධ ශතකයක් රැස් කරමින්.
මින් පෙර පන්දු 20කදී අර්ධ ශතකයක් ලබා ගනිමින් ඔහු විසින්ම පිහිටුවා තිබූ වාර්තාව මෙහිදී බිඳ දැමීමට මෙසේ ඔහු සමත් වීම විශේෂත්වයක්.