ශ්‍රී ලංකාව වටා මුහුද රත්වෙයි - ඉදිරි මාස 8 තීරණාත්මකයි

Report

එල් නිනෝ තත්ත්වයේ බලපෑම හමුවේ ශ්‍රී ලංකාව වටා මුහුදු ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශකයකින් පමණ ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම තත්ත්වයත් සමඟ ඉදිරි මාස අටක කාලය ශ්‍රී ලංකාවට තීරණාත්මක විය හැකි බව කාලගුණ අංශ පෙන්වා දෙයි. මේ අතර, පැසිෆික් සාගරයේ උෂ්ණත්වයද සෙල්සියස් අංශක තුනකින් පමණ ඉහළ ගොස් ඇති බව අනාවර

එල් නිනෝ බලපෑම හේතුවෙන් දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේද උෂ්ණත්වය ඉහළ යමින් පවතින බව වාර්තා වේ.

මෙම තත්ත්වයේ බලපෑම මත දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක දැඩි වියළි කාලගුණයක් පවතින අතර, ඇතැම් ප්‍රදේශවලට සැප්තැම්බර් මාසය අවසන් වන තුරු සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබිය හැකි බව කාලගුණ අංශ සඳහන් කරයි.

ඉදිරි පැය 36 සඳහා හදිසි කාලගුණ අනාවැකියක්- පළාත් කිහිපයකටම තද වැසි සහ තද සුළං.

ඉදිරි පැය 36 සඳහා හදිසි කාලගුණ අනාවැකියක්- පළාත් කිහිපයකටම තද වැසි සහ තද සුළං.

මේ අතර, එල් නිනෝ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතකට බලපා ඇති අධික වියළි කාලගුණය ජලය මත පදනම් වූ ජීවනෝපායන් රැසකට සෘජු හා වක්‍ර බලපෑම් එල්ල කර තිබේ.

පවතින තත්ත්වය හමුවේ ජලාශ සහ වැව් මගින් පානීය ජලය අඛණ්ඩව ලබාදීමට කටයුතු කළද, වගාවන් සඳහා ජලය නිකුත් කිරීම සීමා කිරීමට සිදුවන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22කට අයත් පුද්ගලයින් 81,605 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි.

ලංකාවේ රන් මිල ඉහලට - ලොකු ගාණකින් වැඩිවුණ රත්තරන් මෙන්න

ලංකාවේ රන් මිල ඉහලට - ලොකු ගාණකින් වැඩිවුණ රත්තරන් මෙන්න

2026 අගෝස්තු 24 දින ලග්න පලාපල

2026 අගෝස්තු 24 දින ලග්න පලාපල