ලංකාවේ රන් මිල ඉහලට - ලොකු ගාණකින් වැඩිවුණ රත්තරන් මෙන්න
ශ්‍රී ලංකාවේ රන් මිල අද (2026.08.24) දින ඉහළ යාමක් වාර්තා කර ඇති බව සමස්ත ශ්‍රී ලංකා ස්වර්ණාභරණ සංගමය වාර්තා කර ඇත. පසුගිය සෙනසුරාදා (2026.08.22) කැරට් 24 රන් පවුමක් රුපියල් 384,000 කට අලෙවි විය.
අද එහි මිල රුපියල් 2000 කින් ඉහළ ගොස් රුපියල් 386,000 ක් විය. රන් මිල තත්ත්වය මේ අනුව, වර්තමාන රන් මිලට අනුව, කැරට් 24 රන් පවුමක් රුපියල් 386,000 කට අලෙවි වේ.
කැරට් 22 රන් පවුමක් රුපියල් 355,200 කට ද අලෙවි වේ. මේ අනුව, කැරට් 24 රන් ග්‍රෑම් එකක මිල රුපියල් 48,250 ක් වන අතර කැරට් 22 රන් ග්‍රෑම් එකක මිල රුපියල් 44,400 කි.