ඉදිරියේදී දරුණු නියඟයක් ආවත් ලංකාවේ හාල්වලට මෙන්න මේ දේ වෙනවා - ඇමති වසන්ත කට අරී

Report

ශ්‍රී ලංකාවේ සමස්ත සහල් නිෂ්පාදනය වාර්ෂික අවශ්‍යතාව ඉක්මවා ගොස් ඇති බැවින්, ඉදිරියේදී එල්නිනෝ හෝ නියඟ තත්ත්වයක් ඇති වුවද රට තුළ කිසිදු සහල් හිඟයක් ඇති නොවන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ, මෙරට වත්මන් සහල් නිෂ්පාදනය සාමාන්‍ය පරිභෝජනයට සාපේක්ෂව මාස හතරක පමණ අතිරික්තයක් ඇති මට්ටමක පවතින බවයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙරට දෛනික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 6,500ත් 7,000ත් අතර වන අතර, ඒ අනුව මාසික පරිභෝජනය මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් පමණ වන බවයි. වාර්ෂික පරිභෝජනය මෙට්‍රික් ටොන් ලක්ෂ 24ත් 27ත් අතර ප්‍රමාණයක් වන අතර, වාර්ෂික සහල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් ලක්ෂ 35ක් පමණ වන බවද ඔහු සඳහන් කරයි.

"බෝම්බය ගැහුවේ සිංහල බෞද්ධයෝ නෙමෙයි.." සර්වජන බලයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

"බෝම්බය ගැහුවේ සිංහල බෞද්ධයෝ නෙමෙයි.." සර්වජන බලයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

ඒ අනුව, නියඟයක් හෝ එල්නිනෝ වැනි කාලගුණික තත්ත්වයක් ඇති වුවද රට තුළ සහල් හිඟයක් ඇති නොවන බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

එමෙන්ම මෙරට වී නිෂ්පාදනයෙන් බහුතරය නාඩු සහල් වර්ගය බවද ඔහු පෙන්වා දෙයි. ඒ අනුව සමස්ත නිෂ්පාදනයෙන් 53% සිට 55%ක් අතර ප්‍රමාණයක් සුදු නාඩු වන අතර, 20% සිට 22%ක් අතර ප්‍රමාණයක් රතු නාඩු වේ. සමස්ත නිෂ්පාදනයෙන් ආසන්න වශයෙන් 85%ක් නාඩු සහල් බවද ඔහු සඳහන් කරයි.

පොහොර සහනාධාර සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, පසුගිය කාලයේ පොහොර මිටියක මිල රුපියල් 13,000ත් 14,000ත් අතර පැවති අවස්ථාවේදී රජය රුපියල් 6,000ක සහනාධාරයක් ලබාදුන් බවයි.

සමස්ත වී නිෂ්පාදනය සහ පරිභෝජන සංඛ්‍යා ලේඛන උපුටා දක්වමින් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, රටේ සහල් නිෂ්පාදනය අවශ්‍යතාව ඉක්මවා ඇති බැවින් ඉදිරියේදී කිසිදු සහල් හිඟයක් ඇති නොවන බවයි.

සමාජ මාධ්‍යයේ ඉන්න කාන්තාවන්ට පොලීසියෙන් හදිසි නිවේදනයක්

සමාජ මාධ්‍යයේ ඉන්න කාන්තාවන්ට පොලීසියෙන් හදිසි නිවේදනයක්

අද දවසේ කාලගුණයෙන් වෙනස්ම පෙරළියක්

අද දවසේ කාලගුණයෙන් වෙනස්ම පෙරළියක්