ලංකාවට පොලිස්පති කෙනෙක් නැතුව මැතිවරණයක් කරන්න බැරි ඇයි? - ජනාධිපතිවරණය නවතීද?
දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ලබා දී තිබෙන අධිකරණ නියෝගය පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා කිසිදු බලපෑමක් ඇති නොකරන බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයෙකු වන මහින්ද දේශප්‍රිය පවසනවා.
ඔහුට අනුව, මැතිවරණයට අදාල පොලිසියේ රාජකාරී ආවරණය කිරීමේ හැකියාව වැඩ බලන පොලිස්පතිවරයෙකුට ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
රට ආණ්ඩු කරන්නේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු නම්, වැඩ බලන පොලිස්පතිවරයෙකුට ඡන්දේ කරන්ඩ බැරි ඇයි දැයි, මහින්ද දේශප්‍රිය ඔහුට හුරුපුරුදු උපහාසයෙන් ප්‍රශ්න කරනවා.