1 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා දැවැන්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්

Report

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ පුළුල් පරාසයක විහිදුණු කුළුණු 5ක් ඔස්සේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට සැලසුම් කර ඇති බවත්, ඉදිරි වසර 3 තුළ දී අනෙක් ශ්‍රේණිවලද ප්‍රතිසංස්කරණ සිදු කිරීමට නියමිත බවත්ය.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උදෙසා ජාතික ව්‍යාපාරයේ රත්නපුර දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමින් වැඩිදුරටත් පවසා සිටියේ මෙම වසරේ දී 1 සහ 6 වෙනි ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන බවත්, ලබන වසරේ 2 ශ්‍රේණියේ සහ 7 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ සිදු කරන බවත්ය.

සිසුන්ට ඕස්ට්‍රේලියා යන්න අවස්ථාවක් - ගුවන් ගමන් , ජීවන ගාස්තු ඇතුළු ශිෂ්‍යත්ව රැසක්

සිසුන්ට ඕස්ට්‍රේලියා යන්න අවස්ථාවක් - ගුවන් ගමන් , ජීවන ගාස්තු ඇතුළු ශිෂ්‍යත්ව රැසක්

වැඩිදුරටත් සඳහන් කළේ 2028 වසරේ 3 සහ 8 ශ්‍රේණි සඳහා මෙන්ම 2029 වසරේ 4වන සහ 9වන ශ්‍රේණි සඳහා ද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට නියමිත බවය. එමෙන්ම ඉදිරි වසර කිහිපය තුළ 9 වන ශ්‍රේණිය තෙක්ම සමස්ථ විෂය මාලාවන් ප්‍රතිසංස්කරණය සිදු වන බව ද ඒ මහතා පැවසීය.

අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටියේ මෙම ප්‍රතිසංස්කරණවලට අදාළව විෂය මාලාවන් සංවර්ධනය සඳහා අධ්‍යාපන විශේෂඥයින් සම්බන්ධ වී ඇති බවත් පළමු වසරේ ප්‍රතිසංස්කරණ මේ වන විට ආරම්භ වී ඇති බවත්ය.

මගේ දරුවගේ කනට ගහලා ඔළුව මේසේ තද කරලා වැලමිටෙන් කොන්දට ගහලා - දරුවට බයට මුත්‍රා පිටවෙලා - පාසලේ සිසුවියට සිදු වූ පහරදීමක් හෙළි වේ

මගේ දරුවගේ කනට ගහලා ඔළුව මේසේ තද කරලා වැලමිටෙන් කොන්දට ගහලා - දරුවට බයට මුත්‍රා පිටවෙලා - පාසලේ සිසුවියට සිදු වූ පහරදීමක් හෙළි වේ

කෙසේවෙතත් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මෙම ප්‍රතිසංස්කරණවලට අදාළව 6 වන ශ්‍රේණියේ විෂයමාලා වෙනස්කම් පමණක් ලබන වසර තෙක් කල් දැමීමට කටයුතු කළ බවය. එමෙන්ම මෙම ප්‍රතිසංස්කරණවල පරමාර්ථය වන්නේ 21වන සියවසේ අභිගෝගවලට මුහුණ දිය හැකි පුරවැසියෙක් නිර්මාණය කිරීම වන බවද අමත්‍යවරයා පැවසීය.

රාජ්‍ය සේවකයන්ට ජනපතිගෙන් විශේෂ නිවේදනයක් - වැටුප් හා දීමනා ගැන දැනුම්දීමක්

රාජ්‍ය සේවකයන්ට ජනපතිගෙන් විශේෂ නිවේදනයක් - වැටුප් හා දීමනා ගැන දැනුම්දීමක්