මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට නිදහස.. කමිටු වාර්තාව ගැන අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්
දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් පත් කළ කමිටුවේ වාර්තාව අමාත්‍ය මණ්ඩලයට කඩිනමින් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.
කොළඹ රිමාන්ඩ්, නව මැගසින් සහ වැලිකඩ බන්ධනාගාරවල කටයුතු නිරීක්ෂණය කරමින් කාන්තා සහ පිරිමි රැඳවියන්ට පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කළ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සදහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇත.
එසේම මාස දහයක් තුළ සිදු කරන ලද අධ්‍යනයකින් අනතුරුව එම කමිටු වාර්තාව ලැබී ඇති බව අමාත්‍යවරයා එහිදී පවසා තිබෙනවා. එම කමිටුව විසින් ජනාධිපති සමාව ලබාදීමේ විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම, මරණ දඬුවම විඳින සිරකරුවන්ට එම දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් දක්වා අඩු කිරීම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විදින රැඳවියන්ගේ දඬුවම් කාලය වසර 20ක් දක්වා අඩු කිරීමට සහ රැඳවියන්ට නිවාස නිවාඩු යාම යන කරුණු සම්බන්ධයෙන් නිර්දේශ ලබාදී තිබෙනවා.
මේ තුළින් මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට නිදහස්ව යාමේ විධිමත් පොදු සමා ක්‍රමවේදයක් සකස් කිරීමට අදාළව කරුණු අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද හර්ෂණ නානායක්කාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
එමෙන්ම රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය හේතුවෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින කාන්තා සහ පිරිමි රැඳවියන් හමු වු අමාත්‍යතුමා සඳහන් කළේ එම වාර්තා කඩිනමින් ලබාදීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කර ඇති බවයි.