එළඹෙන ඉරිදා කොළඹට ක්‍රීඩකයින් 5,000කට අධික පිරිසක් - ජාත්‍යන්තරයට යන වැඩේ මෙන්න

Report

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ප්‍රථම වරට සංවිධාන කරන ‘කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගාවලිය’ එළඹෙන ඉරිදා කොළඹ ගාලුමුවදොර පිටියෙන් ආරම්භ වීමට නියමිත බව සඳහන්.

ඒ අනුව අද (12) දින පැවති මාධ්‍ය හමුවකදී ක්‍රීඩා අමාත්‍යවරයා මෙම තරගාවලිය සම්බන්ධයෙන් නිල ලෙස කරුණු හෙළි කර ඇත.

එමෙන්ම දෙස් විදෙස් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන තරගාවලියේ පූර්ණ මැරතන් තරගය සඳහා පමණක් ක්‍රීඩකයින් 1,200ක් පමණ ලියාපදිංචි වී ඇති බව සඳහන්.

උදෑසන 05.30 ට නිකුත් කළ නිවේදනයක් - පස්වරු 2 න් පසු මේ අයට මි. මී 50 ට වැඩි තරමක තද වැසි

උදෑසන 05.30 ට නිකුත් කළ නිවේදනයක් - පස්වරු 2 න් පසු මේ අයට මි. මී 50 ට වැඩි තරමක තද වැසි

ඊට අමතරව අර්ධ මැරතන්, කිලෝමීටර් 10 ධාවන තරගය සහ කිලෝමීටර් 5 විනෝදාත්මක ධාවන තරගයද පැවැත්වීමට නියමිතයි.

මේ අතර සංවිධායකයින් පවසන්නේ මෙම සියලු තරග ඉසව් සඳහා ක්‍රීඩකයින් 5,000කට අධික පිරිසක් එක්වනු ඇති බවයි.

ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් සංචාරක ප්‍රවර්ධනය ඉලක්ක කර මෙම ජාත්‍යන්තර මැරතන් තරගාවලිය සැලසුම් කර තිබෙන බවයි. 

ගිනි රස්නෙන් බැට කන ලංකාවට ඔක්තෝම්බර්, නොවැම්බර් මාසවල වෙන්න යන වෙනස - රටටම දන්වා නිවේදනයක්

ගිනි රස්නෙන් බැට කන ලංකාවට ඔක්තෝම්බර්, නොවැම්බර් මාසවල වෙන්න යන වෙනස - රටටම දන්වා නිවේදනයක්

ගුරු සේවයේ සිටින සියලුම ගුරුවරුන්ට සුබම සුබ ආරංචියක් - ආයේ උසස් වීම් ගන්න මේවා ඕන් නෑ

ගුරු සේවයේ සිටින සියලුම ගුරුවරුන්ට සුබම සුබ ආරංචියක් - ආයේ උසස් වීම් ගන්න මේවා ඕන් නෑ