රජය මගින් විශේෂ සති දෙකක් ප්‍රකාශයට - දිවයින පුරා ක්‍රියාත්මකයි

By Mithu Jul 06, 2026 02:51 AM GMT
Report

පුරාවිද්‍යා ස්ථාන දහසක් සංරක්ෂණය කිරීමේ ජාතික වැඩසටහන හෙටින් ඇරඹෙයි දිවයින පුරා පිහිටි පුරාවිද්‍යා ස්ථාන දහසක් සංරක්ෂණය කිරීමේ ජාතික වැඩසටහන සහ ඊට සමගාමීව සංවිධානය කර ඇති පුරාවිද්‍යා දෙසතිය හෙට (ජූලි 07) සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා ප්‍රකාශ කළේ මෙරට ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන හඳුනාගෙන ඒවායේ කැණීම්, ගවේෂණ සහ සංරක්ෂණ කටයුතු කඩිනම් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ බවයි.

කමේනිට අවසන් ගෞරව දක්වන්න අවමංගල්‍යයට පුතුන් තිදෙනෙකු එක්වෙයි

කමේනිට අවසන් ගෞරව දක්වන්න අවමංගල්‍යයට පුතුන් තිදෙනෙකු එක්වෙයි

සමස්ත ව්‍යාපෘතිය යටතේ පුරාවිද්‍යා ස්ථාන 1,000ක් සංරක්ෂණය කිරීමට නියමිත අතර, හෙට ඇරඹෙන පුරාවිද්‍යා දෙසතිය තුළ එහි පළමු පියවර ලෙස හඳුනාගත් ස්ථාන 100ක වැඩකටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත.

පුරාවිද්‍යාත්මක ස්ථාන සුරැකීම සඳහා මහජනතාවගේ දායකත්වය ඉහළ නැංවීමේ අරමුණින්, අදාළ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් "ප්‍රජා සංරක්ෂණ කමිටු" පිහිටුවීමට ද මෙහිදී පියවර ගෙන තිබේ.

අමිර් ඛාන් තුන්වෙනි වරටත් සුරූපිණියක් සමග විවාහ දිවියට - කලින් විවාහයේ දරුවොත් වෙඩින් එකට ඇවිත්

අමිර් ඛාන් තුන්වෙනි වරටත් සුරූපිණියක් සමග විවාහ දිවියට - කලින් විවාහයේ දරුවොත් වෙඩින් එකට ඇවිත්

මෙම ප්‍රජා සංරක්ෂණ කමිටු හරහා ඉදිරිපත් වන යෝජනා සහ අදහස්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරීන්ගේ උපදෙස් හා සෘජු මැදිහත්වීම මත ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.