2020 න් පසු ලෝක ටෙස්ට් පිතිහරඹ කිරුළ මෙරටට
ක්‍රිකට් ලෝකයේ 'අසීරුම' යැයි සම්මත වූ ටෙස්ට් ක්‍රිකට් පිටියේ පිතිකරණයේ කිරුළ හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබේ.
2020 ජනවාරි මාසයෙන් පසු ගෝලීය ටෙස්ට් ක්‍රිකට් බලවතුන් අතරින් ඉහළම කණ්ඩායම් පිතිහරඹ සාමාන්‍යය වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකාවයි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පිතිහරඹ සාමාන්‍යය 32.17 ක් ලෙස සටහන් කර ගැනීමට සමත්ව ඇත.
ESPNCricinfo වැනි ප්රමුඛ ක්‍රිකට් විශ්ලේෂණ මූලාශ්‍ර මගින් මෙය තහවුරු කොට තිබේ.
ඒ අනුව ඕස්ට්‍රේලියාවේ සාමාන්‍යය 32.03 ක් ලෙසත්, නවසීලන්තයේ සාමාන්‍යය 31.84 ක් ලෙසත්, එංගලන්තයේ සාමාන්‍යය 31.55 ක් ලෙසත් වාර්තා වීම විශේෂත්වයක්. මෙහිදී කැපී පෙනෙන කාරණය වනුයේ ක්‍රමයෙන් ශ්‍රී ලංකාවේ පිතිකරුවන් ගොඩනැගූ ස්ථාවරත්වයයි. .
2020 ජනවාරි මාසයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ ටෙස්ට් තරගවලදී රැස් කළ මුළු ලකුණු සංඛ්‍යාව, එම කාලය තුළදී දැවී ගිය මුළු කඩුලු සංඛ්‍යාවෙන් බෙදීමෙන් මෙම සාමාන්‍යය ගණනය කර තිබේ .
කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකාවට ටෙස් පිටියේ කඩුලු නොදී ලකුණු රැස් කිරීමේ හැකියාව මෙම දත්තයෙන් හරහා ඇගයුමට ලක්වීම සුවිශේෂීත්වයකි.