ලංකාවට ඩොලර් මිලියන 700ක් ලැබීම තීරණාත්මක කඩඉමක - IMF සමාලෝචනවලට කොන්දේසි 3ක්

Report

විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ පස්වන සහ හයවන සමාලෝචන සම්පූර්ණ කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල අනුමැතියට යටත්ව පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් මහත්මිය මාධ්‍ය හමුවකදී සඳහන් කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර පසුගිය අප්‍රේල් 09 වැනිදා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බවයි.

ඇය පෙන්වා දුන්නේ, විධායක මණ්ඩල අනුමැතිය සඳහා වැඩසටහන ඉදිරිපත් කිරීමට පෙර ශ්‍රී ලංකාව විසින් පූර්ව ක්‍රියාමාර්ග කිහිපයක් සම්පූර්ණ කළ යුතු බවය.

බැරලය ඩොලර් 69 සිට 114 දක්වා පනියි - පෙට්‍රල් සහ ඩීසල් මිල අද සිට නැවතත් වෙනස් වෙයි

බැරලය ඩොලර් 69 සිට 114 දක්වා පනියි - පෙට්‍රල් සහ ඩීසල් මිල අද සිට නැවතත් වෙනස් වෙයි

ඒ අතර විදුලිය සහ ඉන්ධන සඳහා පිරිවැය ආවරණය වන මිල සූත්‍ර ක්‍රියාත්මක කිරීම, අවදානමට ලක්විය හැකි සහ අසරණ ජනතාව ආරක්ෂා කිරීම සඳහා සහන ක්‍රමවේද ශක්තිමත් කිරීම සහ මූල්‍ය සහතික කිරීම් සම්පූර්ණ කිරීම ඇතුළත් බව ඇය සඳහන් කළාය.

මෙම විධායක මණ්ඩල අනුමැතිය ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 700කට ආසන්න මූල්‍ය පහසුකම් ලබා ගැනීමට හැකි වනු ඇතැයිද කොසැක් මහත්මිය පැවසුවාය.

මේ අතර, රජය විසින් ක්‍රියාත්මක කරන ඩීසල් ලීටරයකට රුපියල් 100ක සහනාධාරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මිල නියම කිරීමේ රාමුවට අනුකූලදැයි නැඟූ ප්‍රශ්නයකට ඇය සෘජු පිළිතුරක් ලබාදීමෙන් වැළකී සිටියාය.

"මම ආවේ රස්සාවක් කරන්න නෙවෙයි" - ඇතැමුන් නැඟූ චෝදනාවලට ප්‍රහාරාත්මක පිළිතුරක් දෙමින් මාස්ටර් බ්ලාස්ටර් තීරණය ගනියි

"මම ආවේ රස්සාවක් කරන්න නෙවෙයි" - ඇතැමුන් නැඟූ චෝදනාවලට ප්‍රහාරාත්මක පිළිතුරක් දෙමින් මාස්ටර් බ්ලාස්ටර් තීරණය ගනියි

කෙසේ වෙතත්, පිරිවැය ආවරණය වන මිල ප්‍රතිසංස්කරණ සහ අවදානමට ලක්වූ ජනතාව ආරක්ෂා කිරීම යන කරුණු දෙකම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ මූලික අරමුණු බව ඇය යළි අවධාරණය කළාය.

එමෙන්ම මෑතකදී ශ්‍රී ලංකාව මුහුණ දුන් අයහපත් කාලගුණික තත්ත්වයන් සහ මැදපෙරදිග ගැටුම්වල බාහිර බලපෑම් හේතුවෙන් මෙරට ආර්ථිකයට සහ ජනතාවට දැඩි බලපෑම් එල්ල වී ඇති බවද ඇය සඳහන් කළාය.

වාහන හිමිකරුවන්ට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් හදිසි නියෝගයක් - ජුනි 30ට පෙර මේ දේ කරන්න

වාහන හිමිකරුවන්ට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් හදිසි නියෝගයක් - ජුනි 30ට පෙර මේ දේ කරන්න