විදුලි ඒකකයට ගෙවන මිල තවත් අඩු කරයි - තවත් පිරිසක් අසරණ වෙයි

Report

ලංකා විදුලි බල මණ්ඩලය මඟින් සූර්ය බලාගාර හා කුඩා ජල විදුලි බලාගාරවලින් විදුලි ඒකකයක් මිලදී ගැනීමේ මිල අඩු කිරීමත්, සති අන්තයේ සහ රජයේ නිවාඩු දිනයන්හිදී විදුලිය මිලදී නොගැනීමත් හේතුවෙන් එම විදුලි බලාගාර ඉදිකිරීමට බැංකුවලින් ණය ලබාගත් 150,000ක් පමණ අසීරුතාවට පත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව සූර්ය බලයෙන් උත්පාදනය කරන විදුලි ඒකකයක මිල රුපියල් 37 සිට 27ක් දක්වා ඉකුත් කාලයේ අඩු කළ අතර, එම ඒකකයක වර්තමාන මිල වන්නේ රුපියල් 17ක්.

එමෙන්ම වහලය මත සවි කරන ලද සූර්ය පැනල සහ සූර්ය බලාගාර ඉදිකිරීමට වැයවන මුදලින් 70%කට ආසන්න ප්‍රමාණයක් බැංකු ණය ලෙස ලබා දෙයි.

එබැවින් මෙම ව්‍යාපෘති සඳහා 150,000ක් පමණ පිරිසකට බැංකු මඟින් ණය ලබාදී ඇතැයි සඳහන්.

ආයේ ආසාවටවත් ගෙයක් හදන්න වෙන් නෑ - ශ්‍රී ලංකාවේ සිමෙන්ති මිල 45% කින් ඉහළ මට්ටමක - රවී

ආයේ ආසාවටවත් ගෙයක් හදන්න වෙන් නෑ - ශ්‍රී ලංකාවේ සිමෙන්ති මිල 45% කින් ඉහළ මට්ටමක - රවී

මෙසේ බැංකු ණය ලබාගත් 360 දෙනකු පමණ සූර්ය බලාගාර පවත්වාගෙන යන අතර, ඔවුන්ටද විදුලි ඒකකයකට නිසි මිලක් නොලැබීම හේතුවෙන් ණය ගෙවාගත නොහැකිව දැඩි අපහසුතාවට පත්ව සිටින බවට වාර්තා වේ.

ඒ අනුව එම බලාගාර හිමියෝ සඳහන් කරන්නේ සූර්ය බලයෙන් විදුලි මෙගාවොට් එකක් නිෂ්පාදනය කෙරෙන සූර්ය බලාගාරයක් ඉදි කිරීමේදී රුපියල් මිලියන 350ක වැනි මුදලක් වැය වන බවයි.

එමෙන්ම ජල විදුලිය මඟින් විදුලි මෙගාවොට් එකක් නිෂ්පාදනය කරන බලාගාරයක් ඉදිකිරීමට රුපියල් මිලියන 500ක පමණ මුදලක් වැය වන බවත් සඳහන්.

අද මධ්‍යම රාත්‍රීයේ සිට ලාෆ්ස් ගෑස් මිල වැඩි වෙයි - නවතම මිල ගණන් මෙන්න

අද මධ්‍යම රාත්‍රීයේ සිට ලාෆ්ස් ගෑස් මිල වැඩි වෙයි - නවතම මිල ගණන් මෙන්න

මත්පැන් මිල අඩු කිරීම ගැන මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමයෙන් නිවේදනයක්

මත්පැන් මිල අඩු කිරීම ගැන මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමයෙන් නිවේදනයක්