පියයුරු පිළිකා හේතුවෙන් මෙරටින් දිනකට මරණ 3ක් - වසරකට අලුතින් රෝගීන් 6,000ක්

Report

පියයුරු පිළිකා රෝගය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ දෛනිකව පුද්ගලයින් තිදෙනෙකු පමණ මියයන බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල මහතා සඳහන් කළේ, මෙරටින් වසරකට අලුතින් පියයුරු පිළිකා රෝගීන් 6,000ක් පමණ වාර්තා වන බවයි. කොළඹ නගර සභාව විසින් සංවිධානය කරන ලද පිළිකා මර්දන දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් වෛද්‍ය සේනක තලගල මහතා මෙම අදහස් පළ කළේය.

සුදු පාට ගිහිඇඳුමින් ඥානසාර හිමි අධිකරණයට - මෙන්න විස්තරේ

සුදු පාට ගිහිඇඳුමින් ඥානසාර හිමි අධිකරණයට - මෙන්න විස්තරේ

පියයුරු පිළිකා කල්තියා හඳුනාගැනීම සහ පරීක්ෂණ වෙත යොමුවීම තුළින් ජීවිත රැසක් බේරාගත හැකි බව ද එහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.

ශිරන්තිටත් FCID කැඳවීමක් - ඔක්තෝබර් 13දා සිදුවන්නේ කුමක්ද?

ශිරන්තිටත් FCID කැඳවීමක් - ඔක්තෝබර් 13දා සිදුවන්නේ කුමක්ද?

"ලංකාවේ වැඩිපුරම දක්නට ලැබෙන පිළිකාව විශේෂයෙන්ම කාන්තාවන් අතර බහුලතම පිළිකාව පියයුරු පිළිකාව. අවුරුද්දකට මේ වෙන කොට අපි දකිනවා 6,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වෙනවා. ඒ වගේම 1,000කට අධික සංඛ්‍යාවක් රෝගීන් මියයනවා. අපි සාරාංශගත කරොත් එහෙම හැම දවසකම අලුතින් රෝගීන් 17 දෙනෙකු වාර්තා වෙන අතර 3දෙනෙකු මියයනවා. වැදගත් වෙන්නේ රෝගය කල් ඇතිව හඳුනාගැනීම. ඒ වගේම නිසි ප්‍රතිකාර ලබා ගැනීම සහ රෝගීන් පසු විපරම් කිරීම. සහ ඔවුන් රැක බලා ගැනීම.අවාසනාවකට අපි දකින දෙයක් තමයි බොහෝ ප්‍රමාද වෙලා රෝගීන් රෝග ලක්ෂණ පැහැදිලිව පේන්න තිබියදීත් රෝගීන් රෝහල් කරා පැමිණෙනවා එතනදි ප්‍රතිකාර වලින් හොඳ ප්‍රතිඵල ලබාගන්න අමාරුයි "