ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හදිසියේම ඉල්ලා අස්වෙයි.

Cricket Sri Lanka Cricket
By Wayomi Jun 27, 2024 04:56 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ එංගලන්ත ක්‍රිස් සිල්වර්වුඩ් එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ, පෞද්ගලික හේතු මත ඔහු එම තීරණය ගෙන ඇති බවයි.

නින්දා ප්‍රශංසා මැද්දේ වනිදු හසරංග යළිත් පළමු තැනට ආ හැටි.

නින්දා ප්‍රශංසා මැද්දේ වනිදු හසරංග යළිත් පළමු තැනට ආ හැටි.


යන කලින් ක්‍රිස් සිල්වර්වුඩ් පවසා තිබුනේ මෙලෙසින්,

“ජාත්‍යන්තර පුහුණුකරුවෙකු වීම යනු ආදරණීයයන්ගෙන් දිගු කාලයක් ඈත්ව සිටීමයි. මගේ පවුලේ අය සමඟ සහ දැඩි හදවතකින් දිගු සංවාදයකින් පසු, මට නැවත නිවසට පැමිණ හොඳ කාලයක් එකට ගත කිරීමට කාලය පැමිණ ඇති බව මට හැඟේ, ” “මම ශ්‍රී ලංකාවේ සිටින කාලය තුළ ලබාදුන් සහයෝගයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, පසුපෙළ කාර්ය මණ්ඩලය සහ කළමනාකාරීත්වයට ස්තූති කිරීමට කැමැත්තෙමි. ඔබේ සහය නොවන්නට මේ කිසිවක් සාර්ථක කර ගැනීමට නොහැකි වනු ඇත,”

‘ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකයෙකු වීමට ලැබීම මට සැබෑ ගෞරවයක් වන අතර මම බොහෝ සොඳුරු මතකයන් රැගෙන යන්නෙමි,”

ගුරු සේවයේ සිදුවන අලුත් වෙනසක් ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්. - විද්‍යාපීඨ යන්න හිටපු අයටත් සුබ ආරංචියක්.

ගුරු සේවයේ සිදුවන අලුත් වෙනසක් ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්. - විද්‍යාපීඨ යන්න හිටපු අයටත් සුබ ආරංචියක්.


කෙසේ වෙතත් ඔහුගේ පාලන කාලය යටතේ, ජාතික කණ්ඩායම 2022 දී T20 ආසියානු කුසලානය ජයග්‍රහණය කළ අතර, 2023 දී ඕවර 50 ආසියානු කුසලානයේ අවසන් වටයට ද පිවිසියේය.

මීට අමතරව, කණ්ඩායම දේශීය හා විදේශීය වශයෙන් ද්විපාර්ශ්වික තරගාවලි ජයග්‍රහණ කිහිපයක් ලබා ගත්තේය.

ඕවර 50 ආකෘතියෙන් ඔස්ට්‍රේලියාවට එරෙහිව ස්වදේශීය තරගාවලි ජයග්‍රහණයක් සහ බංග්ලාදේශයට එරෙහිව විදෙස් ටෙස්ට් තරගාවලි දෙකක් ජයග්‍රහණ ඒ අතර විය.

පියුමි හංසමාලිගේ ‘ලොලියා’ බෙදා හැරී කුරියර් සේවය ගැන CID යෙන් හදිසියේම ගත් තීරණය මෙන්න.

පියුමි හංසමාලිගේ ‘ලොලියා’ බෙදා හැරී කුරියර් සේවය ගැන CID යෙන් හදිසියේම ගත් තීරණය මෙන්න.


ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිස් සිල්වර්වුඩ්ගේ ඉදිරි වැඩකටයුතුවලට සුබ පතන අතර ඔහුගේ ධුර කාලය තුළ ඔහු කළ වටිනා දායකත්වයට ස්තූති කර තිබෙනවා.

ජීවිතයට ආසාවක් තියෙනවා නම් කුකුල් මස් - බිත්තර මෙහෙම කන්න.- සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් රතු එළියක්.

ජීවිතයට ආසාවක් තියෙනවා නම් කුකුල් මස් - බිත්තර මෙහෙම කන්න.- සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් රතු එළියක්.