පියුමි හංසමාලිගේ ‘ලොලියා’ බෙදා හැරී කුරියර් සේවය ගැන CID යෙන් හදිසියේම ගත් තීරණය මෙන්න.

CID - Sri Lanka Police Piumi Hansamali
By Wayomi Jun 27, 2024 04:36 AM GMT
Wayomi

Wayomi

Report

නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ ‘ලොලියා’ ආයතනයේ සම සුදුකරන ආලේපන බෙදාහරින ලද කුරියර් සමාගමේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමට අධිකරණය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (26) අවසර ලබාදී තිබෙනවා.

පියුමිගේ රූපලාවන්‍ය භාණ්ඩ කූරියර් කළ ආයතනය CID යට පාට් දමයි? - CIDයත් දැඩි තීරණයක් ගනී.?

පියුමිගේ රූපලාවන්‍ය භාණ්ඩ කූරියර් කළ ආයතනය CID යට පාට් දමයි? - CIDයත් දැඩි තීරණයක් ගනී.?


ඇය සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් සැකසහිත ලෙස උපයාගත් බව කියන රුපියල් කෝටි ගණනක දේපොළ හා වත්කම් සම්බන්ධයෙන් සිදුකරන විශේෂ විමර්ශනයට අදාළව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයට එම අවසරය ලබා දෙනු ලැබුවා.

මොකක්ද මේ වෙන්න යන්නේ? "ජනාධිපතිවරණයට එන්න මාව පාවිච්චි කරන හැටි...මගෙ කට අරින්නේ ලබන සතියෙ සුදු තාත්ති"

මොකක්ද මේ වෙන්න යන්නේ? "ජනාධිපතිවරණයට එන්න මාව පාවිච්චි කරන හැටි...මගෙ කට අරින්නේ ලබන සතියෙ සුදු තාත්ති"

පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ, පියුමි හංසමාලිගේ ‘LOLLIA’ Skin Care (pvt) Ltd ආයතනය මගින් සිදුකරනු ලබන ව්‍යාපාර කටයුතු, ආදායම් බදු ගෙවීම්, ව්‍යාපාරයේ ගිණුම් සම්බන්ධයෙන් මෙන්ම, අදාළ ව්‍යාපාරය මගින් විදේශ ආනයන හා අපනයන සිදුකර ඇත්ද යන්න සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වන බවයි.

ගුරු සේවයේ සිදුවන අලුත් වෙනසක් ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්. - විද්‍යාපීඨ යන්න හිටපු අයටත් සුබ ආරංචියක්.

ගුරු සේවයේ සිදුවන අලුත් වෙනසක් ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්. - විද්‍යාපීඨ යන්න හිටපු අයටත් සුබ ආරංචියක්.

පට්ටියගේ පියුමි හංසමාලි ගෝමස් යන අය නිරූපිකායක් වශයෙන් පෙනී සිට ඉතා කෙටි කාලයක් තුළ රුපියල් කෝටි 8ක් වටිනා රෙන්ජ් රෝවර් මෝටර් රථයක් මිලදී ගැනීම, කොළඹ 7 පිහිටි අධි සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්යකින් රුපියල් මිලියන 148කට නිවසක් මිලදී ගැනීම ඇතුළු වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මේ වන විට විමර්ශන ආරම්භ කර ඇත.

සියලුම වැටුප් විෂමතා ඉවත් කරයි? - වැට උඩ තිබ්බ 2025 අයවැය ගැන ඇහෙන සුබ ආරංචිය මෙන්න.

සියලුම වැටුප් විෂමතා ඉවත් කරයි? - වැට උඩ තිබ්බ 2025 අයවැය ගැන ඇහෙන සුබ ආරංචිය මෙන්න.


ඒ, අනුව ඊට අදාලව පියුමි හංසමාලිගේ ලොලියා ආයතනයේ ආලේපන හා රූපලාවණ්‍ය උපකරණ බෙදාහරින ලද කුරියර් සමාගමේ අධ්‍යක්ෂවරයකුව ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා අතිරේක මහෙස්ත්‍රාත්වරයා ඊයේ නොතීසියක්ද නිකුත් කරනු ලැබුවා.

මෙරට ප්‍රධාන බැංකු දෙකකට දඬුවම්.- මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්.

මෙරට ප්‍රධාන බැංකු දෙකකට දඬුවම්.- මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්.


Gallery