එංගලන්තය පළමු දිනයේම ශ්‍රී ලංකාවට දුන් ලකුණු පුවරුව මෙන්න..
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයට තරග නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 07ක් බිඳවැටී ලකුණු 358ක් රැස්කරගෙන සිටිනවා.
කඩුල්ලේ රැඳී සිටින ගස් ඇට්කින්සන් ලකුණු 74ක් හා මැතිව් පොට්ස් ලකුණු 20ක් රැස්කරගෙන සිටින අතර, ඔවුන් දෙදෙනා 08වැනි කඩුල්ලට ලකුණු 50ක සබඳතාවක් ලබා තිබේ.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා පළමුව පන්දු යැවීම තෝරාගත්තද, ජෝ රූට්ගේ අගනා ශතක ඉනිම හේතුවෙන් එම තීරණයෙන් සැලකිය යුත් සාර්ථකත්වයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නොහැකි විය.
එංගලන්ත ඉනිමේ පළමු කඩුලු 04 ලකුණු 130ක් තුළදී දවාගැනීමට ශ්‍රී ලංකාවට හැකිවුවත්, ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩාකළ ජෝ රූට් ලකුණු 143ක් රැස්කර ඉනිමේ 07වැනි කඩුල්ල ලෙසින් දැවි ගිය අතර, පන්දු 206කින් ගොඩනැගුණු රූට්ගේ ඉනිමට හතරේ පහර 18ක් ඇතුළත් වීම ද විශේෂත්වයක්.
මෙය සිය ක්‍රිකට් දිවියේ රූට් වාර්තාකළ 33වැනි ටෙස්ට් ශතකය වනවා.
ඔහුට අමතරව ආරම්භක පිතිකරු බෙන් ඩකට් ලකුණු 40ක්, හැරී බෘෘක් ලකුණු 33ක් හා ජෙමී ස්මිත් ලකුණු 21ක් රැස්කිරීමට සමත් වුණා.

රටම හෙල්ලූ ක්ලබ් වසන්ත ඝාතනය කළ හැටි වෙඩික්කරුවන් වමාරයි..කේ.සුජීවගේ සැමියට වෙඩි තියපු හේතුවත් මෙන්න.
අසිත ප්‍රනාන්දු (2/84), මිලාන් රත්නායක (2/80) හා ලහිරු කුමාර (2/75) ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී කඩුලු 02 බැගින් දවාගැනීමට සමත් විය.
මේ අතර අද, තරගයේ දෙවැනි දිනයයි.
