තවත් බිහිසුණු අනතුරක් - 12 ක් රෝහලේ
By Hashan
දක්ෂිණ අධිවෙගී මාර්ගයේ පාලටුව පිවිසුම ආසන්නයේදි අද(08) උදෑසන බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා .
අදාළ රිය අනතුරින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත.
මාතර, අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබු වෑන් රථයක් මාර්ගය අයිනේ නවතා තිබු කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් අදාළ අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුර ට පත් වූ පුද්ගලයන් මාතර මුලටියන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බව පොලිසිය පවසා සිටියා. ඔවුන් කටුනායක ගුවන්තොටුපොළට ගොස් නැවත පැමිණෙමින් සිටි අතරතුර මෙම අනතුරට මුහුණ දී ඇති බවයි වාර්තා වී ඇත්තේ.
කෙසේ වෙතත් ප්‍රදේශවාසින් හා පොලීසිය එක්ව තුවාල කරුවන් කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණා.
අනතුර සම්බන්ධයෙන් මාලිම්බඩ පොලීසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබනවා.