අනිද්දට රටට වෙන්න යන්නේ මේකයි - විශේෂ නිවේදනයක්

Report

ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම ආපදාවකට මුහුණ දීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලු කටයුතු සූදානම් කර ඇති බව එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කරයි.

ඒ අනුව දිවයිනට ගිණිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ළඟාවනු ඇතැයි අපේක්ෂා කරන බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.

එනිසා එළඹෙන 8 වැනිදා සිට දිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති විය හැකි බවද ඔවුන් දැනුම් දෙයි.

ජනවාරි 10 වෙනිදට රජයෙන් කරන්න යන අලුත්ම වැඩේ මෙන්න

ජනවාරි 10 වෙනිදට රජයෙන් කරන්න යන අලුත්ම වැඩේ මෙන්න

මේ අතර ඌව පළාතේ සහ මඩකලපුව, අම්පාර, පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50ට වැඩි තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එසේම මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 50ක පමණ තද සුළං ඇති විය හැකි බව සඳහන්.

ඊට අමතරව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් පිළිබඳ රතු නිවේදන ද නිකුත් කර තිබෙනවා.

එමෙන්ම බදුල්ල, මාතලේ සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහාද නායයෑම් පුර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කරයි.

නැවත සක්‍රීය වූ නාය අනතුරු සමඟ රටේ තත්ත්වය අවදානමේ - මුහුදු රළත් මීටර් 2.5 - 3 දක්වා ඉහළට

නැවත සක්‍රීය වූ නාය අනතුරු සමඟ රටේ තත්ත්වය අවදානමේ - මුහුදු රළත් මීටර් 2.5 - 3 දක්වා ඉහළට

රතු නිවේදන - වහාම ඉවත්වන්න - ඉදිරි පැය 24 අවදානම්

රතු නිවේදන - වහාම ඉවත්වන්න - ඉදිරි පැය 24 අවදානම්

ජීවිතේ හැරෙන මොහොතක්ද? අද ලග්න පලාපල කියන දේ මෙන්න

ජීවිතේ හැරෙන මොහොතක්ද? අද ලග්න පලාපල කියන දේ මෙන්න