"ශ්‍රී දළදා වන්දනාව" අද සිට විශේෂ රථවාහන සැලැස්මක්

By Shehan Apr 17, 2025 04:35 AM GMT
Report

මහනුවර නගරයට පැමිණෙන සැදැහැවතුන්ගේ වාහන හේතුවෙන් ඇතිවිය හැකි තදබදය අවම කිරීමට, අද සිට නගරයට වාහන ඇතුළුවීම සීමා කරන බව පොලීසිය පවසයි.

වන්දනාවට පැමිණෙන වාහන සඳහා විශේෂ ගාල් කිරීමේ ස්ථාන සකස් කර ඇති අතර, එම ස්ථානවල සිට ශ්‍රී දළදා මාළිගාවට බස් රථ මඟින් ප්‍රවාහනය සැපයේ.

වන්දනාවෙන් පසු ගාල් ස්ථානවලට ආපසු යාමට ද පොදු ප්‍රවාහන සේවාවක් ඇති බව මහනුවර රථවාහන අංශයේ පොලිස් අධිකාරී දයාල් ඉලංගකෝන් පවසයි.

ඇමරිකාවේ රු. ලක්ෂ 32ක භාණ්ඩය චීනයේ රු. ලක්ෂ 1ට - ටික්ටොක් වීඩියෝවක් වෛරල් වෙයි (VIDEO)

ඇමරිකාවේ රු. ලක්ෂ 32ක භාණ්ඩය චීනයේ රු. ලක්ෂ 1ට - ටික්ටොක් වීඩියෝවක් වෛරල් වෙයි (VIDEO)

"සිරි දළදා වන්දනාව" හෙට (18) පස්වරු 3.30 සිට 5.30 දක්වා පැවැත්වේ. 19 සිට 27 දක්වා දිනපතා දහවල් 12.00 සිට පස්වරු 5.30 දක්වා වන්දනාව පැවැත්වේ.

ලක්ෂ 20කට අධික දෙස් විදෙස් සැදැහැවතුන් පැමිණෙනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා ඇත.

මහනුවර ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකය. ඒ අනුව, ජනතාව සෝදිසි කිරීම, වාහන පාලනය, මාර්ග බාධක සඳහා රාජ්‍ය නිලධාරින් 35ක් ඇතුළු පොලිස් නිලධාරින් 10,000කට වැඩි පිරිසක් යෙදවේ.

ගොවීන්ට මෙවර අවුරුදු හොදටම සරුයි.. වී විකුණා වෑන්, ට‍්‍රැක්ටර ගත්තලු - නාමල් කියයි

ගොවීන්ට මෙවර අවුරුදු හොදටම සරුයි.. වී විකුණා වෑන්, ට‍්‍රැක්ටර ගත්තලු - නාමල් කියයි

ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්යය බළකාය, නිල සුනඛ අංශය, යුද, නාවික, ගුවන් හමුදා නිලධාරින් ද යොදවා ඇත.

සැදැහැවතුන් සුදු ඇඳුමින් පැමිණ, විශාල ගමන් මලු, කැමරා, වීඩියෝ හෝ විද්‍යුත් උපකරණ මාළිගාවට රැගෙන නොඒමට පොලීසිය ඉල්ලයි.

වන්දනාවට පැමිණෙනවුන්ගේ පහසුවට හෙට සිට විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසයි.

ඉලක්කය 19 හැවිරිදි තරුණයා...කෙහෙල්බද්දර පද්මේගේ නෑදෑයා...ගනේමුල්ලේ සංජිව ඝාතන පළිය

ඉලක්කය 19 හැවිරිදි තරුණයා...කෙහෙල්බද්දර පද්මේගේ නෑදෑයා...ගනේමුල්ලේ සංජිව ඝාතන පළිය