ගොවීන්ට මෙවර අවුරුදු හොදටම සරුයි.. වී විකුණා වෑන්, ට‍්‍රැක්ටර ගත්තලු - නාමල් කියයි
By R.rishma
පසුගිය වසරවලට වඩා මෙවර ජනතාව ජයට ම අවුරුදු උත්සවය සැමරූ බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම, ගොවීන්ට සිය අස්වනු සඳහා හොඳ මිලක් ලැබීම, සහනාධාර ඉහළ නැංවීම සහ භාණ්ඩ මිල පහත වැටීම මෙයට හේතු වූ බව නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.
තම ගමේ ගොවීන් දෙදෙනෙක් වී අස්වනු අලෙවි කර වෑන් රථයක් සහ ට්‍රැක්ටරයක් මිල දී ගත් බව ද ඔහු හෙළි කළේය.