රටේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් - වෙසක් සතියට දැඩි නීතියක් - වහාම මේ WhatsApp අංකයට හෝ 119 අමතන්න
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා ප්‍රකාශ කළේ වෙසක් සමයේ දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවයි.
එමෙන්ම වෙසක් සතිය තුළ සංස්කෘතියට නොගැලපෙන ආකාරයෙන් කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව නිතිය දැඩිව ක්‍රියාකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
"ශ්‍රී ලංකා පොලීසිය රටේ පරිපාලන දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි විශේෂීක ආරක්ෂ සැලැස්මක්, ඒ වගේම රථවාහන සැලැස්මක් මේ වනවිට සූදානම් කර තිබෙනවා.
මෙවරත් අපි විශේෂයෙන් මහජනතාවට මතක් කරනවා මේ සෑම පූජනීය ස්ථායක්ම, විශේෂයෙන් දන්සල් සහ වෙසක් කලාප ආශ්‍රිතව සිවිල් ඇදුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් සහ බුද්ධි අංශ නිලධාරීන් ඔබගේ ආරක්ෂාවට ඉන්නවා.
ඒ වගේම අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපරික්ෂාකාරී අනතුරුදායක සහ පීඩාකාරි ලෙස ධාවනයක යෙදෙන යම් වාහනයක්, යතුරුපැදියක් හෝ ත්‍රිරෝද රථයක් සඳහා 070-4755600 WhatsApp දුරකථන අංකයට හෝ එහෙම නැත්නම් 119,188 දුරකථන අංක හරහා සම්බන්ධ වෙන්න."