ගුරු විභාගය ලියලා ඇඟිලි ගැනපු අයට සුභ ආරංචියක් - පිළිතුරු පත්‍ර ඇගයීමෙන් පසු ප්‍රායෝගික පරික්ෂණ හා බඳවා ගැනීම් කඩිනමින්

Report

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හා අග්‍රාමාත්‍යවරිය වන හරිනි අමරසූරිය මෙනවිය මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ඇති අතර ඉන් අනතුරුව මහනුවරදී මාධ්‍යයට ප්‍රකාශයක් සිදු කර ඇත.

එහිදී පසුගිය මැයි මස 24 දින පවත්වා අවසන් වූ රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් හා අනෙකුත් උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා පැවති මෙම තරග විභාගය පිළිබදව ප්‍රකාශයක් සිදු කර ඇත.

නැවතත් ගුරු විභාගයක් - ගැසට් නිවේදනය නිකුත් වේ - ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන් සඳහා විභාගය ලබන සැප්තැම්බර්

නැවතත් ගුරු විභාගයක් - ගැසට් නිවේදනය නිකුත් වේ - ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන් සඳහා විභාගය ලබන සැප්තැම්බර්

එහිදී ඇය පවසා සිටියේ ශ්‍රී ලංකාවේ පාසල් වල ගුරු හිඟය පියවීමට ඉදිරියේදී ගුරුවරුන් බඳවා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බවයි. එමෙන්ම පවත්වා අවසන් වූ ගුරු විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමෙන් පසු ප්‍රායෝගික පරික්ෂණ කඩිනමින් පවත්වා බඳවා ගැනීම් කටයුතු ආරම්භ කරන බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කර ඇත.

ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා පැවැත්වූ තරග විභාගය සඳහා උපාධිධාරීන් 160,000කට අධික පිරිසක් අයදුම්පත් යොමුකර ඇත.

එම විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 1048දී පවත්වනු ලැබූ අතර මේ සඳහා රාජ්‍ය සේවයේ නියුතු අයදුම්කරුවන් 66,991ක්, අනෙකුත් අයදුම්කරුවන් 96,442ක් ලෙස අයදුම්පත් ඉදිරිපත් කර තිබුණී.

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිපල වැරදිලාද? සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් වැදගත් නිවේදනයක්

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිපල වැරදිලාද? සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් වැදගත් නිවේදනයක්

තවද විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන් 323 දෙනෙකුට විභාගය සඳහා ඉදිරිපත් වීමට විභාග දෙපාර්තමේන්තුව විසින් පහසුම් සපයා තිබුණි.

මීට අමතරව අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය පවසා ඇත්තේ ඉදි කිරීම් කටයුතු සඳහා අවශ්‍ය මානව සම්පත සංවර්ධනය කර ගැනීමත් ඉදිකිරීම් වැඩ සඳහා මේ වනවිට පවතින සේවක හිඟයත් රජයට දැඩි ගැටලුවක් බවයි.

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ස්ථාන ඇතුළු ඉදිරි සංවර්ධන කටයුතු සඳහා මේ වන විට රජයෙන් විශාල මුදලක් වෙන් කර ඇති බවත්, අදාල ඉදි කිරීම් කටයුතු වලට අවශ්‍ය තාක්ෂණික නිලධාරින්ගෙන් සමන්විත මානව සම්පත් සපයා ගැනීම මේ වන විට මුහුණ දෙන අභියෝගයක් බවත් අග්‍රාමාත්‍යවරිය පවසා ඇත.   

දැන් ඉරාන ඇමරිකා යුද්ධේ ඉවරයි හෝර්මූස් ඇරියා ඇයි තාම ඉන්ධන මිල අඩු නැත්තේ? ලංකාවේ ඉන්ධන මිල ගැන වෘත්තීය සමිති කට අරී

දැන් ඉරාන ඇමරිකා යුද්ධේ ඉවරයි හෝර්මූස් ඇරියා ඇයි තාම ඉන්ධන මිල අඩු නැත්තේ? ලංකාවේ ඉන්ධන මිල ගැන වෘත්තීය සමිති කට අරී