පානීය ජලය ගැන මහනුවර ජනතාවට විශේෂ දැනුම්දීමක්
Kandy
Water Board
Water
Sinhala news
By Shehan
දළදා ප්‍රදර්ශනයෙන් පසු මහනුවර නගරයේ කිසිදු රෝග බෝවීමේ අවදානමක් නොමැති බව මහනුවර නාගරික ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා පවසයි.
එසේම, මහනුවර නගරයේ පානීය ජලය සම්බන්ධයෙන් කිසිදු අවදානමක් නැති බව ද ඔහු තහවුරු කරයි.
නගරයට පානීය ජලය සැපයෙන්නේ දුනුමඩලාව රක්ෂිත වැවෙන් වන අතර, එම වැව කිසිදු ආකාරයකින් දූෂණය වී නැති බව සඳහන් වේ.
ඊට අමතරව, ගැටඹේ ජල පවිත්‍රාගාරය මගින් මහවැලි ගඟෙන් ලබාගන්නා ජලය විධිමත්ව පිරිසිදු කර බෙදා හරින බව නාගරික ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා පවසයි.
මේ වන විට මහනුවර නගරය සම්පූර්ණයෙන් පිරිසිදු කර අවසන් කර ඇත. ඒ අනුව, නගරයෙන් ඉවත් කළ යුතු සියලු අපද්‍රව්‍ය ඉවත් කර පිරිසිදු කර ඇති බව සඳහන්ය.
එබැවින්, විවිධ පාර්ශව විසින් වගකීම් රහිතව කරන ප්‍රකාශ ගැන බිය විය යුතු නැති බව වෛද්‍යවරයා අවධාරණය කරයි.
