උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් සුවිශේෂී පණිවිඩයක්
මෙවර උසස් පෙළ විභාගය අද දිනයේ (10) ආරම්භ කෙරුණු අතර එය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන රැසක අති සාර්ථක ලෙස පැවැත්විණි.මෙම විභාගය දෙසැම්බර් පස් වැනි දින දක්වා පැවැත්වීමට නියමිත වේ.
ඒ අනුව මෙවර උසස් පෙළ විභාග කටයුතු අවසන් වීමට පෙර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
උසස් පෙළ විභාගය කටයුතු අද සාර්ථකව ආරම්භ වූ අතර ඒ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය මාධ්‍ය වෙත අදහස් පළ කරේ පහත අයුරිනි.
"අද දින නියමිත වේලාවටම විභාගය ආරම්භ වුණා. ඒ වගේම දිවයිනේ සියලුම විභාග මධ්‍යස්ථානවල කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි විභාගය පැවැත්වුණා. මේ වනවිට අපි සැලසුම් සකස් කරලා තියෙනවා විභාගය අවසන් වීමට පෙර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට. දරුවන්ට දෙන්න තියෙන පණිවුඩේ තමා නියමිත කාලසටහන පරීක්ෂා කරලා බලලා විභාගය ආරම්භ වීමට පැයකට පෙර නියමිත විභාග මධ්‍යස්ථානයට යන්න. පැය භාගයකට පෙර තමන්ට නියමිත ස්ථානයේ අසුන් ගන්න. ප්‍රවේශ පත්‍රය රැගෙන යන්න."