දකුණු පළාතට පොලීසියෙන් විශේෂ දැනුවත් කිරීමක්
දකුණු පළාතේ ස්ථානීය දඩ මුදල් අද (20) දින පටන් GovPay යෙදුම ඔස්සේ ගෙවීමට හැකියාව පවතින බව පොලිසිය සඳහන් කරයි.
ඒ අනුව මෙම පහසුකම එළඹෙන මාසයේ සිට උතුරු පළාතෙන්ද ලබා ගත හැකි බව ප්‍රකාශ කරයි.
මේ අතර පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ මෙම වසර අවසන් වීමට පෙර පළාත් 9ම ආවරණය කිරීමට බලාපොරොත්තු වෙන බවයි.
ඒ අනුව සාම්ප්‍රදායිකව දඩ මුදල් ගෙවීම වෙනුවෙන් තැපැල් කාර්යාල වෙත යාමට සිදුවුවත් මෙම GovPay යෙදවුම ඔස්සේ ඕනෑම ස්ථානයක සිට ජංගම දුරකථනයෙන් හෝ වෙනත් උපාංගයකින් පහසුවෙන් ගෙවීම් කටයුතු කළ හැකි වේ.