දකුණු පළාතට සුබ ආරංචියක් - සියල්ල සූදානම් පෙබරවාරි 24 න් මේ ප්‍රශ්න ඉවරයි
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) මඟින් සංවිධානය කරනු ලබන දකුණු පළාත් ප්‍රාදේශීය අපනයනකරුවන්ගේ ජාලකරණ සමුළුව 2026 පෙබරවාරි 24 වන අඟහරුවාදා දින මාතරදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම මෙම සමුළුවේ මූලික අරමුණ ප්‍රාදේශීය අපනයනකරුවන් මුහුණ දෙන අභියෝග හඳුනා ගනිමින් ඔවුන් සවිබල ගැන්වීම සහ නව අවස්ථා ගවේෂණය කිරීමයි.
ඒ අනුව මෙම සමුළුව සඳහා ගාල්ල, මාතර, හම්බන්තොට සහ මොණරාගල යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් අපනයනකරුවන් සහ රජයේ නිලධාරීන් සහභාගී වීමට නියමිතව ඇති බව සඳහන්.
මෙම සමුළුව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර එහිදී අපනයනකරුවන්ට තම ගැටලු සෘජුවම අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමටත් ඒ පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමටත් සුවිශේෂී වේදිකාවක් හිමි වෙන බව සඳහන්.
එසේම අපනයනකරුවන්ගේ ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීමේ අරමුණ ඇතිව අදාළ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් සහ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත අපනයන සංවර්ධන නිලධාරීන් ද මෙම සමුළුවට සහභාගී වීමට නියමිතව ඇත.
තවද වඩාත් ඵලදායී සාකච්ඡාවක් සහතික කිරීම වෙනුවෙන් අපනයන සංවර්ධන මණ්ඩලයේ දකුණු පළාත් කාර්යාලය මඟින් අපනයනකරුවන්ගේ විශේෂිත ගැටලු සහ යෝජනා මේ වන විටත් රැස් කරමින් පවතියි.
ඒ අනුව ගාල්ල, මාතර, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල අපනයනකරුවන්ගේ ගැටලු හා යෝජනා පහත ක්‍රම ඔස්සේ යොමු කිරීමට ද දන්වා ඇත.
විද්‍යුත් ලිපිනය: spo@edb.gov.lk
දුරකථනය: 041-223 1591