ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ අසරණ වුණු දකුණු අප්‍රිකා කණ්ඩායම..

Report

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව සියලුදෙනා දැවී රැස් කරගත්තේ ලකුණු 191කි.

තරගය දකුණු අප්‍රිකාවේ ඩර්බන්හි කිංග්ස්මේඩ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර, අද (28) තරගයේ දෙවෙනි දිනයයි. කඩාවැටුණු දකුණු අප්‍රිකානු ඉනිමේ ඉහළම ඉනිම නායක ටෙම්බා බවුමා රැස්කළේය.

අම්පාර අනතුරේ පැන ගොස් ඇතැයි සිතු ට්‍රැක්ටර් රියදුරුගේ මළ සිරුර හමුවෙයි...පැනගිය එක් සහයකයෙක් පොලිසියට ..

අම්පාර අනතුරේ පැන ගොස් ඇතැයි සිතු ට්‍රැක්ටර් රියදුරුගේ මළ සිරුර හමුවෙයි...පැනගිය එක් සහයකයෙක් පොලිසියට ..

ඔහු පන්දු 117කට මුහුණදෙමින් ලකුණු 70ක් රැස්කිරීම හා කෙෂාව් මහරාජ් ලකුණු 24ක් රැස්කිරීම හැරෙන්න වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20කට වැඩි ඉනිමක් හෝ ගොඩනැගීමට නොහැකි විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිතර වූ අසිත ප්‍රනාන්දු ලකුණු 44කට කඩුලු 3ක් හා ලහිරු කුමාර ලකුණු 70කට කඩුලු 3ක් දවාගැනීමට සමත් විය.

ඔවුන් දෙදෙනාට අමතරව විශ්ව ප්‍රනාන්දු (2/35) හා ප්‍රබාත් ජයසූරිය (2/24) කඩුලු 2 බැගින් දවාගත්හ. ඊයේ ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා පළමුව පන්දුවට පහරදීම සඳහා අප්‍රිකානු කණ්ඩායමට ආරාධනා කළේය.

පාර්ලිමේන්තුවේ පලවෙනි දවසෙම පිස්සු නටපු මන්ත්‍රී දොස්තර අධිකරණයට භාරවෙයි...

පාර්ලිමේන්තුවේ පලවෙනි දවසෙම පිස්සු නටපු මන්ත්‍රී දොස්තර අධිකරණයට භාරවෙයි...

කෙසේ නමුත් එදින ක්‍රීඩාකළ හැකිවූයේ පන්දුවාර 20.4ක් පමණක් විය. දිනය පුරා වර්ෂාව ඇඳහැලීම හේතුවෙන් තරගය වේලාසන අවසන් කිරීමට සිදුවිය. ඒ වනවිට දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 80ක් රැස්කරගෙන සිටියේය.

You may like this video