ආපදාවන්ගෙන් හානියට පත් වූ මහාමාර්ගවලට තාවකාලික විකල්ප..
පසුගිය දා ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් දිවයින පුරා බොහෝ මාර්ග සහ පාළම්වලට හානි සිදු වී තිබෙනවා.විශේෂයෙන් උතුරු, උතුරු මැද සහ නැගෙනහිර මාර්ගවලට දැඩි හානි සිදු වී තිබෙන අතර ඌව සහ මධ්‍යම පළාත්වලට ද තරමක හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම රට පුරාම වවිධ ස්ථානවල ගස් කඩාවැටීම් නිසා සිදු වූ මාර්ග අවහිර වීම් ඉවත් කිරීමටත්, සුලු නාය යාම් නිසා සිදු වූ හානිවලට පිළියම් යෙදීමටත් මාර්ග සංවර්ධන අධිකාරිය හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මෙන්ම ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා ප්‍රදේශවාසීන් ද එක් වී කටයුතු කරන බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් S.M.P. සූරියබණ්ඩාර සඳහන් කළේ.
මේ වන ව්ට කොළඹ -රත්නපුර - වැල්ලවාය- මඩකලපු මාර්ගයේ 375/5 පාළමේ කොටසක් ද ගිලා බැසීමකට ලක් වී තිබෙනවා.එම මාර්ගයේ එක් මංතීරුවක් මේ වන විට මාර්ග සංවර්ධන අධිකාරිය මගින් තාවකාලිකව සකස් කර අවසන් අතර එම ස්ථානයේ තාවකාලික පාළමක් ඉදි කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන් ම මනම්පිටිය- අරලගංවිල (B- 502 ) මාර්ගයේ 19/1 පාළමට හානි වී තිබෙන අතර එහි ගමනාගමනය ද මේ වන විට නවතා තිබෙනවා.
එම පාළම වෙනුවට තාවකාලික යකඩ පාළමක් ඉදි කිරීමට අමාත්‍ය බිමල් රත්නායක උපදෙස් දී ඇති අතර එය ඉදිකිරීම මේ වන විට ආරම්භ වී ඇති බවද සඳහන්.
You may like this video