දකුණු අප්‍රිකාව මෙතෙක් ලෝක කුසලානයක සිදු නොවූ දෙයක් අද කරයි..ඇෆ්ගනිස්ථානයට සිදු වූ ඉරණම.(UPDATE)

Cricket Indian Cricket Team South Africa National Cricket Team Afghanistan Cricket Team ICC Men
By Aruna Jun 27, 2024 12:55 AM GMT
Aruna

Aruna

Report

Update 

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ ඇෆ්ගනිස්ථානය කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර තරගය ඉතාමත් පහසු ජයක් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

දකුණු අප්‍රිකාව මෙතෙක් ලෝක කුසලානයක සිදු නොවූ දෙයක් අද කරයි..ඇෆ්ගනිස්ථානයට සිදු වූ ඉරණම.(UPDATE) | South Africa And Afghanistan Cricket Match

 ඒ තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්  ලකුණු 56ට පිළිතුරු ලෙසයි.

මෙහිදී අප්‍රිකාණු කණ්ඩායම පන්දුවාර 8යි පන්දු 05ක් අවසානයේ එක කඩුල්ලක් පමණක් දැවී ලකුණු 60ක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයක් අත්කර ගැනීමට සමත් වුණා.

මේ අනුව මෙම තරගය ජයගත් දකුණු අප්‍රිකාව ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබන පළමු අවස්ථාවද මෙය වීම  විශේෂත්වයකි.

දකුණු අප්‍රිකාව මෙතෙක් ලෝක කුසලානයක සිදු නොවූ දෙයක් අද කරයි..ඇෆ්ගනිස්ථානයට සිදු වූ ඉරණම.(UPDATE) | South Africa And Afghanistan Cricket Match

.................................................................

දකුණු අප්‍රිකාවට පහසු ඉලක්කයක්..ඇෆ්ගනිස්ථානය අසරණ වෙයි..(UPDATE)

දකුණු අප්‍රිකාව මෙතෙක් ලෝක කුසලානයක සිදු නොවූ දෙයක් අද කරයි..ඇෆ්ගනිස්ථානයට සිදු වූ ඉරණම.(UPDATE) | South Africa And Afghanistan Cricket Match

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර තරගය මේ වනවිට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී  ලබාගැනීමට හැකි වූයේ ලකුණු 56ක් පමණයි.

දකුණු අප්‍රිකාව මෙතෙක් ලෝක කුසලානයක සිදු නොවූ දෙයක් අද කරයි..ඇෆ්ගනිස්ථානයට සිදු වූ ඉරණම.(UPDATE) | South Africa And Afghanistan Cricket Match

එහිදී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් Azmatullah Omarzai ලකුණු 10ක් රැස්කළා.

පන්දු යැවීමේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් Marco Jansen සහ Tabraiz Shamsi කඩුලු 03 බැගින් දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව තරගය ජය ගැනීම සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලකුණු 57ක පහසු ඉලක්කයක් හිමිව ඇත.

දකුණු අප්‍රිකාව මෙතෙක් ලෝක කුසලානයක සිදු නොවූ දෙයක් අද කරයි..ඇෆ්ගනිස්ථානයට සිදු වූ ඉරණම.(UPDATE) | South Africa And Afghanistan Cricket Match

..........................................................

තරගය ආරම්භයේම ලොවම බලාසිටි ඇෆ්ගනිස්ථානයට සිදු වූ දේ මෙන්න..

දකුණු අප්‍රිකාව මෙතෙක් ලෝක කුසලානයක සිදු නොවූ දෙයක් අද කරයි..ඇෆ්ගනිස්ථානයට සිදු වූ ඉරණම.(UPDATE) | South Africa And Afghanistan Cricket Match

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (27) පැවැත්වෙන අවසන් පූර්ව වටයේ තරග දෙකෙන් පළමු තරගය වන දකුණු අප්‍රිකා - ඇෆ්ගනිස්ථාන කණ්ඩායම් අතර තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වී තිබෙනවා.

මේ අනුව ඔවුන් තීරණය කළේ, පළමුවෙන් පන්දුවට පහර දීමටයි.

අද මේෂ, සිංහ, තුලා, වෘශ්චික සහ මකර යන ලග්න හිමියන් දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..හේතුව මෙන්න..

අද මේෂ, සිංහ, තුලා, වෘශ්චික සහ මකර යන ලග්න හිමියන් දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..හේතුව මෙන්න..


මේ වන විට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 10ක් අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 50ක් රැස්කරගෙන සිටියි.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව තරගයක් සඳහා ක්‍රීඩා කරනු ලබන පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

ඔවුන් මෙම තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ බංග්ලාදේශය සමග පැවති තරගය ලකුණු 08කින් ජ‍ය ගැනීමත් සමග අවසන් පූර්ව වටය සඳහා දකුණු අප්‍රිකාව සමඟින් තරග වැදීමට සුදුසුකම් ලැබූ අතර, ඔස්ට්‍රේලියාවට එම අවස්ථාව අහිමිව ගියේ ඇෆ්ගනිස්ථානය ලොව පෙරළිකාර කණ්ඩායමක් බව ලෝකය ඉදිරියේ යළිත් තහවුරු කරමින්.

අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් Brian Lara Stadium, Tarouba, Trinidad හිදී පැවැත්වෙන අතර, මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම එළඹෙන 29 වැනිදා Barbados හිදී පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබයි.

තවද, මෙම තරගය ජය ගන්නා දකුණු අප්‍රිකාව හෝ ඇෆ්ගනිස්ථානය ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබන පළමු අවස්ථාවද මෙය වීම ද විශේෂත්වයකි.

දකුණු අප්‍රිකාව මෙතෙක් ලෝක කුසලානයක සිදු නොවූ දෙයක් අද කරයි..ඇෆ්ගනිස්ථානයට සිදු වූ ඉරණම.(UPDATE) | South Africa And Afghanistan Cricket Match

එමෙන්ම, T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ දෙවැනි තරගය ලෙස ඉන්දියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම් අතර තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 08.00ට Providence Stadium, Guyana හිදී පැවැත්වීමට නියමිතව ඇත.

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන ජූනි 29 වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 08.00ට Kensington Oval, Bridgetown, Barbados හිදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

අද දිවයින පුරා සියලු පාසල් වැසෙයි ද?..සියලු විස්තර මෙතනින් දැනගන්න..

අද දිවයින පුරා සියලු පාසල් වැසෙයි ද?..සියලු විස්තර මෙතනින් දැනගන්න..