වසර 16ට ජම්පර ඇන්දු එස්.එම්. රංජිත් හා නෑනාට ඇප ඕනිලු..

Report

උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමති එස්.එම්. රංජිත් සමරකෝන් සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ හිටපු ඇමති එස්.එම්. චන්ද්‍රසේනගේ බිරිය ශාන්ති චන්ද්‍රසේන වෙනුවෙන් කොළඹ මහාධිකරණයට ඇප ඉල්ලා මෝසමක් ඉදිරිපත් කර ඇත.

මෙම ඇප ඉල්ලීම, විත්තිකරුවන් විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇති අභියාචනයකට යටත්ව ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මගින් ඉදිරිපත් කෙරිණි. ඇප අයදුම්පත විභාගයට ගත් මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා, ලබන ජූනි 16 වන දින ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලෙස විත්ති පාර්ශවයට නියම කළේය.

රට පුරා විශ්‍රාමිකයෝ අමාරුවේ - විශ්‍රාම වැටුප් දත්ත පද්ධතියේ අවුලක්

රට පුරා විශ්‍රාමිකයෝ අමාරුවේ - විශ්‍රාම වැටුප් දත්ත පද්ධතියේ අවුලක්

2012-2014 කාලය තුළ මහ ඇමතිවරයාට නීත්‍යානුකූලව හිමි ඉන්ධන දීමනාව වැටුප සමඟ ලැබී තිබියදී, රුපියල් 26,80,528.10ක මුදලක් ඉන්ධන දීමනාවක් ලෙස අයථා ලෙස ලබාගැනීමේ සහ එයට සහාය දීමේ චෝදනා යටතේ අල්ලස් නඩුවක් ගොනු කර තිබේ.

දීර්ඝ නඩු විභාගයකින් පසු, මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා විත්තිකරුවන්ට බරපතළ වැඩ සහිත වසර 16ක සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂ 2 බැගින් දඩයක් නියම කළේය.

මෙම නඩුව 2015දී ගලෙන්බිඳුණුවැව, කැකිරාව පදිංචි කේ. නිමල් විජේතිලක නමැත්තකු විසින් දූෂණ මර්දන කමිටුව හරහා අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ලක් මත ගොනු කරන ලදී.

හේෂා අනුරගේ රෙදි ගලවයි - පිස්සු හැදෙන අනාවරණයක් මෙන්න!

හේෂා අනුරගේ රෙදි ගලවයි - පිස්සු හැදෙන අනාවරණයක් මෙන්න!

කථන, ශ්‍රවණාබාධිත දැරියකගේ මළ සිරුරක්

කථන, ශ්‍රවණාබාධිත දැරියකගේ මළ සිරුරක්